Visual Basic 6.0 වලභාවිතාකලහැකි tools හඳුනාගනිමු

වෙනත් පරිගණක භාෂා වල මෙන් චිත්‍රක භාවිත අතුරුමුහුණතක් (GUI – Graphical User Interface) සහිත වැඩසටහන් නිර්මාණය කිරීමට අපහසු නොවන අතර, visual basic වල සාමාන්‍යයෙන් නිර්මාණය කරන්නේ GUI සහිත වැඩසටහන් වේ. Tool box එකේ විවිධ tools අඩංගු වන අතර Form එක මතට ඇද දැමීම මගින් (drag and drop) හෝ tool එක select කර Form එක මත ඇඳ ගැනීම මඟින් add කරගත හැක.

Form එක මතට add කරගත් පසු Properties Window එක මඟින් අදාල tool එකේ විවිධ වෙනස්කම් කරගත හැකි අතර code කිරීම මඟින් ද වෙනස්කම් සිදුකර ගත හැකිය. Properties window එක භාවිතා කිරීමේදී එහි වම් පස ඇති තීරුවෙන් property එකද දකුණු පස ඇති තීරුවෙන් එක් එක් property එකට අදාල අගය (value) ද නිරූපණය වේ. වෙනසක් සිදුකිරීමට නම් අදාල property එක select කර එහි value එක වෙනස් කල යුතුය.

මෙසේ design view එකේදී properties window භාවිතයෙන් සිදුකරන වෙනස්කම් Project එක run වෙන වේලාවේදී Form එකේ හා Tools වල දක්නට ලැබෙන අතර (default properties) code window එක භාවිතයෙන් සිදුකරන්නට උපදෙස් දෙන වෙනස්කම් අදාල event එක ක්‍රියාත්මක (execute) වන අවස්තාවේදී වෙනස් වීම සිදුවේ.

තවද, tool එක form එක මත ඕනෑම ස්ථානයකට ගෙනයා හැකි අතර දිග පළල අවශ්‍යය පරිදි tool එක select කර ඇදීම මඟින් සකස් කරගත හැකිය.

 Form

මෙය Application Window එකයි. එනම් අප නිර්මාණය කරන වැඩසටහණේ ඇතුලත් විය යුතු tools අන්තර්ගත කරන්නේ Form එක මතයි. වැඩසටහනක ඇති ප්‍රධානතම Object එක වන්නේ Form එකයි.

Form එකක ඇති මූලික කොටස්

  1. Icon
  2. Title – Title bar එක මත සඳහන් වන දෙය
  3. Control Box – Minimize, Maximize, Close buttons
  4. Work Space – Title bar එකෙන් පහල හිස් අවකාශය. Application එකේ ඇතුලත් කල යුතු tools මෙම ඉඩ තුල අන්තර්ගත කරයි.

Form එකට අදාල properties

Form එකේ Title එකවෙනස්කිරීම.

Form එක select කර Properties Window එකේ ඇති Caption property එක වෙනස් කිරීම මඟින් title එක වෙනස් කරගත හැක.

Form එකේ Icon එකවෙනස්කිරීම

Form එක select කර properties window එකෙන් Icon property එක select කරන්න. එවිට එහි අගය දැක්වෙන තීරුවේ කුඩා button එකක් මතුවනු ඇත. එක click කර අදාල Icon file එක open කරදුන් විට එය Form එකට add වේ.

Form එකේ Control Boxes show/hide කිරීම

Properties window එකේ Control Box, property එක False කල විට එවා hide වන අතර True කල විට show වීම සිදුවේ. තවද properties window එකේ MaxButton property එක මඟින් Maximize button එක enable/disable වීම සකස් කල හැකි අතර MinButton property එක මඟින් Minimize Button එක enable/disable වීම සකස් කල හැකිය.

Form එකටඅදාලඅනෙකුත් properties

    1. BackColor – Form එකේ work space එකේ පාට වෙනස් කර ගත හැක.
    1. BorderStyle – Form එකේ style එක එනම් Form එක භාවිතා කරන අරමුණ අනූව එයට Application Window style, Dialog box style, Tool box style වැනි Border styles ලබා දීම කල හැකිය.
    1. Enabled – Form එක භාවිතා කල හැකිද නැද්ද යන්න මෙමඟින් දක්වයි. Enabled = True නම් පමණක් Form එක හා එහි ඇති tools ක්‍රියාත්මක කල හැකි අතර Enabled = False විට Form එක ක්‍රියාවිරහිතව පවතී.
    1. DrawMode / DrawStyle – Form එක මත mouse එක භාවිතයෙන් රේඛා ඇදීම සිදුකරන විට එම රේඛා වල ස්වභාවය වෙනස් කිරීමට භාවිතා කරයි. මෙසේ රේඛා ඇදීමට නම් program කර තිබීම කල යුතුය. එනම් Mouse Drag event එකට අදාලව රේඛා ඇදීමට program එකක් ලිවිය යුතුය.
    1. FillColor / FillStyle – Form එකේ work space එක මත සටහන් වන විවිධ හැඩ වල හා රේඛා වල පාට සකස් කර ගත හැකිය. Form එක මත ඇති tools වල වර්ණයන් මෙමඟින් වෙනස් කල නෙහැකි වන අතර අදාල Tool එකේ FillColor / FillStyle property වෙනස් කිරීම මඟින් එක සිදු කරගත් හැකිය.
    1. Font – Form එකේ work space එක මත සටහන් වන අකුරු වල font එක වෙනස් කිරීම.
    1. ForeColor – Form එකේ work space එක මත සටහන් වන අකුරු වල font colour එක වෙනස් කිරීම.
    1. MousePointer – Form එක මතට mouse එක ගෙනයන විට තිබිය යුතු mouse pointer එක සකස් කර ගත හැකිය. එහි ඇති values යටතේ 99-Custom යන්න ලබා දී MouseIcon property එකට අවශ්‍යය cursor file එකක් ලබ දුන් විට එක mouse pointer එක ලෙස භාවිතා කල හැකිය.
    1. MDIChild – Form එක තවත් ප්‍රධාන Form එකක් (MDIForm එකක්) තුල තිබෙන පරිදි සකස් කිරීම මෙම property එක භාවිතයෙන් සිදුකරයි. උදාහරණ වැඩසටහනක් මඟින් පසුව වැඩිදුරට සාකච්ඡා කරමු.
    1. Moveable – Form එක run වූ පසු එය Title bar එකෙන් අල්ලා එහා මෙහා ගෙනයාහැකිද යන්න සකස් කරයි.
    1. Picture – Form එකේ work space එකට picture එකක් යෙදීම සිදුකර ගැනීමට. Picture එක remove කිරීමට property එකේ value එක තිබෙන box එකට ගොස් delete key එක press කරන්න.
    1. ShowInTaskbar – වැඩසටහන run වන විට Form එක task bar එකේ පෙන්විය යුතුද නැද්ද යන්න සකස් කරයි.
    1. StartUpPosition – Form එක දර්ශනය විය යුතු ස්ථානය සකස් කල හැක.
    1. WindowSate – Form එක run වන විට එය Minimze කිරීම හෝ Maximize කිරීම සිදුකල හැකිය.

මෙහි දැක්වෙන බොහෝ properties අනෙකුත් Tools සඳහාද පොදු වන අතර ක්‍රියාකාරීත්වය අතින්ද බොහෝ සමානකම් ඇත.

Form Load event එකේදී Form එකේ caption එක වෙනස් කිරීම

Form එක dounle click කර code window එක open කර ගන්න.
   Private Sub Form_Load()    Form1.Caption   = "my form"    End Sub

දැන් project එක run කරන්න. Form එකේ නම my form ලෙසට වෙනස් වී ඇත. මෙහිදී Form1.Caption වෙනුවට Me.Caption යනුවෙන් භාවිතා කල හැකිය. Me යනුවෙන් අදහස් කරනුයේ දැනට භාවිතා වන Form එකයි.

Forms කිහිපයක් සමඟ වැඩ කිරීම

මේ සඳහා පළමුව තවත් Forms දෙකක් Project එකට ලබාගත යුතුයි. Project –> Add Form තේරීමෙන් පසු ලැබෙන dialog box එකේ New යටතේ Form යන්න තේරූ විට අලුත් හිස් Form එකක් Project එකට ලබා ගත හැකිය.

එසේ ලබාගත් Forms වල නම් Form1, Form2, Form3 වේ. Command buttons tool box එකෙන් ලබා ගෙන පහත පරිදි Forms තුන සකසා ගන්න

 

දැන් Form1 වල Coding Window එකට යන්න
Private Sub Command1_Click()    Form1.Hide    Form2.Show End Sub
Form2 වල Coding සඳහා
Private Sub Command1_Click()    Form2.Hide    Form1.Show End Sub 
 Private Sub Command2_Click()    Form2.Hide    Form3.Show End Sub 
Form2 වල Coding සඳහා
Private Sub Command1_Click()    Form3.Hide    Form2.Show    End Sub 

වැඩසටහන run කරන්න buttons click කිරීමෙන් එක් එක් Form එක Show/Hide වීම සිදු වේ. නමුත් Display වී ඇති Form එක Close කලත් වැඩසටහන නැවතී නැති බව පෙනෙනු ඇත. එයට හේතුව නම් මෙහිදී Forms කිහිපයක් සමඟ වැඩ කරන බැවින් සමහර Forms නිසි ආකාරව Close (Unload) වී නොතිබීමයි.

Show action එක මඟින් Form එකක් Load කර පෙන්වීම සිදුකරයි. නමුත් Hide action එක මඟින් Form එක hide කිරීම පමණක් සිදුකරයි. Project එකක් නිසි ආකාරයට exit වීමට නම් මෙලෙස load වී ඇති Forms සියල්ල unload වීම සිදුවිය යුතුයි.

  • Load මෙම keyword එක මඟින් Form එකක් load කිරීම සිදුකරයි. නමුත් එය දර්ශනය නොකරයි. Load Form1
  • Unload මෙම keyword එක මඟින් Form එකක් unload කිරීම සිදුකරයි. එවිට Form එක සම්පූර්ණයෙන්ම exit වී යයි. Unload Me Unload Form2
  • End මෙම keyword එක මඟින් සම්පූර්ණ project එකම exit කිරීම සිදුකරයි.
දැන් ඉහත වැඩසටහනටම සෑම Form එකකම Unload event එකට Project එක exit වීම සඳහා End keyword එක යොදමු.
Private Sub Form_Unload(Cancel As Integer)    End End Sub 

දැන් Project එක run කර Next සහ Previous click කර නතර වන Form එකක Close button එක click කර බලන්න. වැඩසටහන සම්පූර්ණයෙන් exit වනු ඇත.

එසේත් නැති නම Next සහ Previous buttons සඳහා Form එක Unload වන පරිදිද program කල හැක. ඒ සඳහා ඉහත පළමු වැඩසටහනෙහි Form1.Hide වැනි Hide action එක ක්‍රියාත්මක කර ඇති තැන් වල ඒ වෙනුවට Unload Form1, Unload Form2, Unload Form3 ලෙස හෝ Unload Me ලෙස ලබා දීමෙන් එක් එක් අවස්තාවේදී Hide වන Forms සම්පූර්ණයෙන්ම unload කල හැක. එවිට සෑම විටම පවතින්නේ භාවිතා කරන Form එක පමණක් බැවින් එය close කල විට සම්පූර්ණයෙන් ම Project එක exit වේ.

{flike}

You may also like

Visual Basic – 04
Visual Basic – 03
Visual Basic – 02