Sub Programs, Procedures and Functions

Sub Programs

වැඩසටහන්කරණයේදී කුඩා කුඩා වැඩසටහන් ආකාරයට වැඩසටහන් ගොඩනැගීම පහසු වන අතර එය කාර්යක්ෂම ක්‍රමයක් මෙන්ම වැඩසටහන යම් කෙනෙකුට කියවා තේරුම් ගැනීමේ හැකියාවද වැඩි කරයි. එබැවින් වැඩසටහන්කරණයේදී Sub Programs භාවිතා කිරීම වැදගත් වේ. Sub programs නම් ඒකකයට පිටතින් දත්ත ඇතුළු කල හැකි අතර පිටතට දත්ත හෝ තොරතුරු ලබා දිය (return) හැකිය. එලෙස ඇතුළු කරන දත්ත parameters ලෙස හඳුන්වන අතර return කරන දත්ත variable එකක තැම්පත් කිරීම හෝ කෙළින්ම output කිරීම කල හැක. Call key word එක මඟින් sub programs ක්‍රියාත්මක කරවීම කල හැක.
Call  (parameters)
උදාහරණ: ඔබ විෂයන් අටක ලකුණු ඇතුලත් කල පසු සිසුවා ගේ ලකුණු වල එකතුව හා සාමන්‍යය ලකුණ ගණනය කිරීමට වැඩසටහනක් සකස් කරන්නේ නම් එහිදී ලකුණු වල එකතුව ලබා ගැනීමට එක් sub program එකක්ද සාමන්‍යය ලකුණ ගණනය කිරීමට තවත් sub program එකක්ද ලිවිය හැක. ඉන්පසු ප්‍රධාන වැඩසටහනෙන් එම sub programs call (ක්‍රියාත්මක කරවීම) කිරීම මඟින් එකතුව හා සාමන්‍යය ලකුණ සොයාගත හැක. Visual Basic වල එවැනි sub programs ආකාර දෙකක් පවතී..  

Procedures

Procedure එකක් යනු call කිරීමේදී අගයක් return නොකරන sub programs වේ. ඒවාට පිටතින් දත්ත ලබාගැනීමේ හැකියාව ඇත. ආකෘතිය
 Sub  (, , )
statement(s)
End Sub
උදාහරණ:
Private Sub sum (No1, No2)
 Print No1+No2
End Sub 

Functions

Function එකක් යනු call කිරීමේදී අගයක් return කරන sub programs වන අතර ඒවාටද පිටතින් දත්ත ලබාගැනීමේ හැකියාව ඇත. ආකෘතිය
 Function  ( As ,..  As ) As 
statement(s)
 = 
End Sub
උදාහරණ:
Private Function div (No1 As Integer, No2 As Integer) As Double
Print No1/No2
div = (No1/No2)
End Function 

{flike}

You may also like

Visual Basic – 05
Visual Basic – 03
Visual Basic – 02