Control Statements

ඕනෑම පරිගණක භාෂාවක මූලික statements වර්ග තුනක් ඇත.
  1. Sequential Statements
  2. Conditional Statements
  3. Repetition Statements

Sequential Statements

එකක් පසුපස එකක් එසේත් නැතිනම් එක විධානයකට පසු අනෙක් විධානය ලෙස ක්‍රියාත්මකවන statements, Sequencial Statements වේ. මෙහිදී ක්‍රියාත්මක වී අවසන් වූ statements නැවත ක්‍රියාත්මක කල නොහැක. උදාහරණ:
Private Sub Form_Load()
 Print "All"
 Print "is"
 Print "Well"
 Print 123 
End Sub 
ඉහත වැඩසටහනේ Form object එකේ Load event එක ක්‍රියාත්මක වන සෑම විටකම එක් වරක් “All”, “is”, “Well” යන්න print වීම සිදුවේ. තවද ඒවා හරියටම ඉහල සිට පහලට සඳහන් කර ඇති පිළිවෙළටම ක්‍රියාත්මක වේ. මේ ආකාරයට එකකට පසු එකක් පමණක් ක්‍රියාත්මක වන statements, Sequential Statements වේ.

Conditional Statements (Selection Statements)

කිසියම් තත්වයක් (condition) සළකා ඒ අනූව ක්‍රියාත්මක වන ආකාරය (ක්‍රියාත්මක වන මාර්ගය) තීරණය කරනු ලබයි. සළකනු ලබන condition එකට ලැබෙන අගයයන් අනූව ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය running time එකේදී තීරණය කරන අතර මෙහිදී අනිවාර්යයෙන් සමහර statements ක්‍රියාත්මක නොවේ. Conditional Statements වර්ග දෙකක් visual basic වල ඇත.

If… Then… Else…

කිසියම් condition එකක සත්‍යයතාවය හෝ අසත්‍යයතාවය අනූව ඊළඟට ක්‍රියාත්මක විය යුතු කොටස මෙමඟින් තීරණය කල හැක. ආකෘතිය
If  Then
 True Part 
Else
 False Part 
End If 
උදාහරණ
 If 2 > 3 Then
 Print "Two is greater than three" 
Else
 Print "Three is greater than two" 
End If 
True part එක තුල හෝ False part එක තුල statements එකකට වඩා වැඩි ගණනක් තැන්පත් කල හැක..

Nested If

ආකෘතිය
If  Then
 True part according to Condition1 
ElseIf  Then
 True part according to Condition2
............
ElseIf  Then
 True part according to ConditionN
Else
 False part 
End If
උදාහරණ:
If 10>20 Then
 Print "Ten is greater than twenty" 
ElseIf 10>8 Then
 Print "Ten is greater than eight" 
ElseIf 10>3 Then
 Print "Ten is greater than three" 
Else
 Print "This is ten" 
End If 
මෙහිදී (10>20) true නොවන බැවින් ඊළඟ condition එක සළකා බලයි. (10>8) true බැවින් Ten is greater than eight ලෙස print වේ. (10>3) condition එක true වුවත් පළමු Condition එක මඟින් යම් කිසි කාර්යයක් සිදුකල බැවින් එතැනින් එහාට ඇති Conditions සළකා බැලීම සිදුනොකරයි. එනම් End If යන statement එක ළඟින් selection සිදුකිරීම අවසන් කරයි. මේ ආකාරයට පමණක් වැඩි If පද ගණනක් සමඟ එක් End If පදයකින් statement එක සම්පූර්ණ වේ. නැත්හොත් යොදන සෑම If පදයකටම End If පදයක් යෙදිය යුතුය. උදාහරණ:
If 10>20 Then
 Print "Ten is greater than twenty" 
ElseIf 10>8 Then
 If 10>4 Then  If 10>7 Then
   Print "Ten is greater than seven"  
 End If ElseIf 10>3 Then
   Print "Ten is greater than three" 
Else Print "This is ten" 
End If
මෙහිදී Ten is greater than four සහ Ten is greater than seven යන දෙකම print වේ. ඒ වෙන වෙනම If condition තුල ඒවා ලියා ඇති නිසාය.

Select Case

කිසියම් variable එකක අගය අනූව විවිධ වැඩසටහන් කොටස් ක්‍රියාත්මක කරවීම මෙම Selection Statement එක මඟින් සිදුකරයි. පළමුවෙන්ම සළකා බැලිය යුතු variable එක ලබා දෙන අතර ඉන්පසු වෙන වෙනම එයට (variable එකට) ලැබිය හැකි අගයන් හා එම අගයන් වලදී කල යුතු කාර්යය සඳහන් කරයි. මෙහිදීද එක් selection එකක් කල පසු නැවත අනෙක් ඒවා සළකා බලන්නේ නැත. ආකෘතිය
Select Case (
 Case : Statement(s)
 Case : Statement(s)
  .................
 Case : Statement(s)
 Case Else: Default Statement(s)
End Select
උදාහරණ:
Dim x As Integer x = 4
Select Case (x)
 Case 1:
  Print "One"
 Case 2:
  Print "Two"
 Case 3:
  Print "Three"
 Case 4:
  Print "Four"
 Case Else:
  Print "Number"
 End Select
මෙහිදී String, Date, Object වැනි data types ඇති variables වල අගයන් භාවිතා කල නොහැක. භාවිතා කල හැක්කේ රේඛීයව අගයන් පවතින data types (integer, double, වැනි) ඇති variables පමණි. කිසියම් පරාසයක පවතින අගයන් සැළකීමට To යන key word එක භාවිතා කර Case එකක් යෙදිය හැකිය.
Case 4 To 1:

Repetition Statements

එකම කාර්යය නැවත නැවත සිදුකිරීමට අවශ්‍යය විට repetition statement භාවිතා කරයි. එනම් යම්කිසි කාර්යයක් යම් condition එකක් සත්‍යයව හෝ අසත්‍යයව පවතින තාක් නැවත නැවත ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරනු ලබන statements repetition statement ලෙස හඳුන්වයි..

Do… While

ආකෘතිය 1
Do
 Statement(s)
Loop While  
උදාහරණ:
Dim i As Integer
i = 0
Do
 Print i
 i = i + 1
Loop While i < 10 
ආකෘතිය 2
Do While 
 Statement(s)
Loop 
උදාහරණ:
Dim i As Integer
i = 0
Do While i < 10
 Print i
 i = i + 1
Loop
ඉහත ආකෘති දෙකෙහි ඇති වෙනස නම් පළමු ආකෘතියේ condition එක සළකා බලන්නේ පසුව බැවින් එක් වරක් condition එක සත්‍යය වුවත් අසත්‍යය වුවත් statement(s) ක්‍රියාත්මක වේ. නමුත් දෙවැනි ආකෘතියේ condition එක පළමුවෙන්ම සළකා බලන බැවින් condition එක සත්‍යය නම් පමණක් statement(s) ක්‍රියාත්මක වේ. Do… While loop (repetition statement) එකේදී condition එක සත්‍යයව පවතින තාක් අදාල statement(s) නැවත නැවත ක්‍රියාත්මක වේ. එනම් loop එක condition එක අසත්‍යය වූ පසු නතර වේ..

Do… Until

ආකෘතිය 1
Do
 Statement(s)
Loop Until 
උදාහරණ:
Dim i As Integer
i = 0
Do
 Print i
 i = i + 1
Loop Until i = 10
ආකෘතිය 2
Do Until 
 Statement(s)
Loop
උදාහරණ:
Dim i As Integer
i = 0
Do Until i > 4
 Print i
 i = i + 1
Loop
මෙම ආකෘති දෙකේද ඉහත සඳහන් කල වෙනස පවතී. නමුත් මෙහිදී condition එක අසත්‍යයව පවතින තාක් අදාල statement(s) නැවත නැවත ක්‍රියාත්මක වේ. එනම් loop එක condition එක සත්‍යය වූ පසු නතර වේ. ඉහත Do… While:ආකෘතිය 2 හි උදාහරණය හා Do… Until:ආකෘතිය 2 හි උදාහරණය සළකන්න.
  1. Do… While යෙදී ඇති විට i = 0 සිට i = 9 (i 10) දක්වා condition එක true වන අතර එම
{flike}

You may also like

Visual Basic – 05
Visual Basic – 04
Visual Basic – 02