Visual Basic භාෂා හුරුව

ඕනෑම භාෂාවක විවිධ ක්‍රමෝපායන් වැඩසටහන්කරණය සඳහා භාවිතා කරයි. තවද මූලික දත්ත තැම්පත් කිරීමේ ක්‍රම වලට අමතරව භාෂාවට ආවේණික වූ දත්ත තැම්පත් කිරීමේ ක්‍රම ද භාවිතා කරයි. මෙතැන් පටන් Visual Basic භාෂාවේ මූලිකාංග සාකච්ඡා කරමු. අවසානයට ඇති උදාහරණ වැඩසටහන් (Hand on Project) මඟින් වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

Compiling

ඉංග්‍රිසි භාෂාවේ වචන භාවිතා කර (High Level Language) ලියන ලද වැඩසටහන පරිගණකයට තේරුම් ගත හැකි භාෂාවට (Machine Language) පරිවර්තනය කිරීම Compile කිරීම ලෙස හඳුන්වයි. Visual Basic වල භාවිතා කරන්නේ Interpreter වර්ගයේ පරිවර්තකයකි. එහි ඇති විශේෂත්වය නම් එක් instruction එකක් compile කර run කිරීමෙන් අනතුරුව අනෙක් instruction එක compile කිරීම ඇරඹීමයි.

Running

 

Compile කරන ලද වැඩසටහන ක්‍රියාත්මක කරවීම run කිරීමයි. මෙහිදී compile වීමද සිදුවේ. Run button එක click කිරීම මගින් වැඩසටහන run කරගත හැක.

Break – වැඩසටහන අතරමග නැවැත්වීම සිදුකරයි

End – වැඩසටහන සම්පූර්ණයෙන් නැවැත්වීම සිදුකරයි.

Output Statements

වැඩසටහනක ප්‍රතිපල හෝ output කල යුතු ඕනෑම දෙයක් output කිරීමට output statements භාවිතා කරයි. මූලිකම output device එක Monitor (Screen) එක බැවින් සාමන්‍යයෙන් Screen එක මතට output කිරීම සිදු කරයි.

Print – මෙම command එක output කිරීමට භාවිතා කරයි. Print විධානයට පසු print විය යුතු අගය ලබා දිය යුතුය. එය අකුරු, ඉලක්කම් හෝ විචල්‍යයක් විය හැකිය

උදාහරණ:

Print "All"
Print 123
Print x 

මෙහි Print x statement එක ක්‍රියාත්මක නොවේ නමුත් ඉතිරි statements ක්‍රියාත්මක වේ. භාවිතා කරන්නේ Compiler වර්ගයේ පරිවර්තකයක් නම් වැඩසටහන සම්පූර්ණයෙන් නිවැරදි වන තුරු ක්‍රියාත්මක කල නොහැක.

Comments

වැඩසටහනක පවතින නමුත් ක්‍රියාත්මක නොකල යුතු statements compile වීම හෝ run වීම නැවැත්වීම comment කිරීමෙන් සිදුවේ. මේ සඳහා visual basic වලදී ‘ (Single quotation) සළකුණ භාවිතා කරයි.

උදාහරණ:

'This is a Comment
'Single line comments only 

Key Words

යම් භාෂාවක විශේෂිත කාර්යයන් සිදුකිරීමට වෙන්කර ඇති පද key word (reserved words) ලෙස හඳුන්වයි. මෙම පද එම නිශ්චිත කාර්යයට හැර වෙනත් කාර්යයන් සඳහා භාවිතා කල නොහැක.

Visual Basic වල ඇති key words සමහරක්

Dim, Private, Public, End, Loop, Do, While, Until, Next, Unload, Load, Me, සියළුම data types, If, Then, Else, Select, Case, Break, Option

Variables

විචල්‍යය (variables) යනු වෙනස් වන දත්ත ගබඩා කර තබාගැනීමට භාවිතා කරන්නකි. Visual Basic වල පහත ආකෘතියට (syntax) අනූව variables declare (හඳුන්වා දීම) කල යුතුය.

   As 

උදාහරණ:

Dim x As Integer Public db As DAO.Database Private width As Double

Variable name එකක් යෙදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  • සංඛ්‍යාවකින් variable name එකක් ආරම්බ කල නොහැක. ඉංග්‍රිසි අකුරකට පසුව සංඛ්‍යා භාවිතා කල හැකිය.
  • +, -, /, * වැනි විශේෂිත සලකුණු භාවිතා කල නොහැකිය.
  • අකුරු අතර spaces තිබිය නොහැකි අතර underscore _ එකක් දිය හැකිය.
  • එකම ආකාරයේ variable names දෙකක් තිබිය නොහැක.
  • Keywords භාවිතා කල නොහැක.
  • Visual Basic වල case sensitive (Simple Capital අකුරු අතර වෙනස) නොමැති අතර Marks හා marks යන්න names දෙකක් නොව එකක් ලෙස හඳුනා ගනියි.

Data types

Varible එකක් තුල තැන්පත් කිරීමට බලාපොරොත්තු වන data වර්ගය කුමක්ද යන්න අර්ථදැක්වීම සිදුකරන්නේ data type එක මගිනි. Variable එකට අවශ්‍යය ඉඩ RAM එකෙන් වෙන් කර ගැනීමට මෙම අර්ථදැක්වීම උපකාරී වේ.

Visual Basic වල භාවිතා වන මූලික Data types

  • Integer
  • Byte
  • Double
  • Single
  • Long
  • String
  • Boolean
  • Date
  • Object
  • Variant

Array

Array එකක් යනු දත්ත තැන්පත් කර තැබීමට භාවිතා කරන data structure එකකි. එය එකම වර්ගයේ (data type) variables සමූහයක එකතුවක් ලෙස හැදින්විය හැක. එක් එක් කුඩා කොටසක් තුල දත්ත තැන්පත් කල හැකි අතර ඒවා නම් කරනු ලබන්නේ 0 සිට ආරම්බ වන ධන නිඛිල (positive integers) වලිනි. එම කුඩා කොටසක් element එකක් වන අතර ඒවා නම් කරන්නේ indexes වලිනි. පහත ආකාරයට array එකක් අර්ථදැක්විය හැකිය.

   () As  

උදාහරණ:

Dim x (10) As Interger 'කොටස් 11 (0 – 10) කින් යුත් interger array එකක් සාදයි.
Dim y (1 to 10) As Integer 'කොටස් 10 කින් යුත් integer array එකක් සාදයි.
x(0) = 5 x(10) = 2344
'x(11) = 23   x හි 11 ලෙස index එකක් නැති නිසා මෙය වැරදිය.
y(1) = -51
y(10) = 652
'y(0) = 8 y හි 0 ලෙස index එකක් නැති නිසා මෙය වැරදිය.
Print x(10)
Print y(1) 

ආකාරයට දත්ත තැන්පත් කිරීම හා ඒවා භාවිතා කිරීම සිදු කල හැක.

{flike}

You may also like

Visual Basic – 05
Visual Basic – 04
Visual Basic – 03