written by Madhura Anushanga
පසුගිය කොටසින් C පරිගණක ක්‍රමලේඛන භාෂාව පිළිබඳ හැඳින්වීමක් කරන ලදී. මෙම ලිපියෙන් C පරිගණක ක්‍රමලේඛන භාෂාව භාවිතා කර මුල්ම පරිගණක වැඩසටහන ලියන ආකාරය සලකි බලමු..
“Hello World”
#include stdio.h // මෙය header ගොනුවකි මෙහි අප භාවිත කරන printf වල අර්ථ දැක්වීම අඩංගු වේ  
int main(){ // මේ මෘදුකාංගයේ ආරම්භක ස්ථානයයි, { මඟින් කේත රාමුව ආරම්භ වේ. int main යන්නෙන් හැගෙන්නේ main මඟින් අවසානයේ integer එකක් ලබාදෙන බවයි. printf(“Hello Word”); // “Hello World” මුද්‍රණය කිරීම return 0; // 0 නැවත මෙහෙයුම් පද්ධතියට ලබාදේ, මුලින් ම C නිපදවන ලද්දේ UNIX පරිසරයකටය, එහි මෘදුකාංගයක ධාවන සාර්ථකත්වය 0 මඟින් සංඛේතවත් වේ } මෙය compile කිරීමට, මෙය hello.c ලෙස නම් කර එම ස්ථානයට terminal එක භාවිතයෙන් ඇතුළ්වන්න. එහි දී,
gcc -o hello hello.c 
./hello
“ආයුබෝවන්!”
#include
int main(){ printf(“ආයුබෝවන්!”); return 0; } නව සම්මතයන්ට අනූව C වල යුනිකේත අකුරු භාවිතා කළ හැක. පරණ compilers වල මෙය compile නොවීමට ඉඩ ඇත, තවද මෙය ධාවනය කිරීමේ දී කොටු හෝ වෙනත් යමක්(? වැනි) ඔබට දිස් වේ නම් ඒ ඔබ භාවිතා කරන terminal එක යුනිකේත සදහා සහය නොදක්වන නිසාය, මෙය ‘>’ භාවිත කර output එක ගොනුවකට ලිවීම මඟින් මග හරවා ගත හැක.
./hello > output.txt
C පරිගණක භාෂාව තුළදී භාවිතා වන operators ගැන මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. {flike}

You may also like

C පරිගණක ක්‍රමලේඛන භාෂාව-පිවිසුම
විචල්‍යයන්
Arrays