written by Madhura Anushanga

වැදගත් කරුණු

මෙහි එන සියලු ම කේතනයන් gcc compiler එක භාවිතයෙන් සාර්ථකව compile කරගත හැක. වෙනත් compilers වල සම්මත වලට අනුකූල භාවය පිළිබඳ විවිධ ගැටළු තිබීම හා ඕනෑ ම පද්ධතියට භාවිතා කිරීමට නොහැනි නිසා ඒවා මෙහි භාවිතා නොවේ. Windows වල gcc භාවිතා කිරීමට පහසු ම ක්‍රමය DevC++ වැනි IDE එකක් භාවිත කිරීමයි මෙහි දී ඔබට මෙම ලිපි පෙළෙහි ඇති terminal commands ලබා දීමට අවශ්‍ය නොවේ.· IDE එකෙන් ම compile කරගත හැක. එහෙත් ආරම්භ කරන කෙනෙක්ට වඩාත් සුදුසු වන්නෙ IDE එකක් භාවිත නොකිරීමයි. Linux පදනම් කරගත් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන අයට gcc සාමාන්‍යයෙන් පෙරනිමියෙන් ස්ථාපනය වී ඇත. නැතිනම් ස්ථාපනය කරගැනීමට එම පද්ධතියේ package manager එක භාවිත කරන්න. තවද මෙහි එන commands සියල්ල Linux පද්ධති වල භාවිත වන shell එකට අනුකූල ඒවා වේ මේවායින් බොහොමයක් Windows වලද භාවිත කළ හැක. මෘදුකාංගයක් ධාවනයේ දී ./ භාවිත කිරීම Windows වල දී අනවශ්‍යය. මෙම ලිපි පෙළ භාවිතයෙන් C භාෂාව ඉගෙනගැනීමට අවශ්‍ය අයට වෙනත් පරිගණක භාෂාවක් ගැන යම් හෝ දැනුමක් ඇත්නම් එය මෙහි දී විශාල සහනයකි.

හැඳින්වීම

C පරිගණක භාෂාව compiled language එකකි, එනම් එම භාෂාවෙන් ලියැවෙන මෘදුකාංග compile කිරීමකින් තොරව ධාවනය කළ නොහැක. මෙම භාෂාව දැනට සාමාන්‍ය භාවිතයේ ඇති ක්‍රමලේඛන භාෂා වලින් පැරණිම භාෂාවක් වන අතර මෙහි ඇති සරල බව(assembler වැනි භාෂාවල සාපේක්‍ෂව), වේගය, මෙහෙයුම් පද්ධතිය හා දෘඩාංග පද්ධතිය සමඟ ගනුදෙනු කිරීම කාර්යයක්‍ෂම වීම මෙහි ජනප්‍රියතාවට රුකුලක් වී ඇත. C වලින් ලියැවෙන දේ මුලින්ම compiler එකකින් object ගොනු වලට හැරවේ, මේවා යාන්ත්‍රික භාෂාවෙන් ලියැවුන ගොනුය. ඉන් පසු linker එකකින් මෙම object ගොනු එයට ධාවන වීමට අවශ්‍ය වෙනත් කොටස් සමඟ එකතු කර ධාවනය කළ හැකි ගොනුවක් නිපදවයි. මෙය executable එකක් ලෙස හැඳින්වේ. මේවායේ කොටස් 2කි, එකක් තනියෙන් ධාවනය විය හැකි ගොනුය, මේවායේ main නමින් ධාවනය ඇරඹෙන ස්ථානයක් ඇත. අනෙක් ගණයට අයත් ඒවා තනිව ධාවනය කළ නොහැක, මේවා මෙහෙයුම් පද්ධති වල විවිධ නම් වලින් හැඳින්වේ(උදා: DLL – Windows, SO – Linux). මේවායේ ද ජාතීන් 2කි, ඒ static හා dynamic ය. Static ගණයේ ඒවා වෙනත් මෘදුකාංගයකයට linker එකක් මඟින් එකතු කරන වර්ගයේ ඒවාය, අවසාන මෘදුකාංගයේ executable ගොනුවෙහි මෙවන් ගොනු කිහිපයක් ම ඇතුළත් වී තිබිය හැක. Dynamic ගණයට අයත් වන ඒවා මෘදුකාංගයක් ධාවනයවන විටදී පරිගණකයේ මතකයට load කරගනී. මේවා ද සාමාන්‍ය main එකක් ඇති මෘදුකාංගයක් සාදන ආකාරයටම නිපදවා ගත හැක එහෙත්, මේවා නිපදවීම සදහා ඒ ඒ මෙහෙයුම් පද්ධතියට විශේෂ වූ ක්‍රම භාවිත කිරීමට සිදු වේ. C පරිගණක ක්‍රමලේඛන භාෂාව භාවිතා කරමින් මුල්ම පරිගණක වැඩසටහන ලියන අයුරු ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න…. {flike}

You may also like

HelloWorld.c
විචල්‍යයන්
3.ජාවා වැඩසටහනක ක්‍රියාවලිය