Java පහසුවෙන් ඉගෙන ගන්න

Java තාක්ෂණය ඉගෙනගැනීමට උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් ඉතාමත් සරළව සිංහලෙන් සැකසුණු මේ පාඩම් මාලාව, ඉගෙන ගැනීම වඩාත් පහසු වන ලෙසට ඉදිරිපත් කර තිබෙනවා.  මේ සම්පූර්ණ පාඨමාලාව ඔබගේ පහසුව සදහා ප්‍රධාන අදියර කීපයකින් ඔබ වෙත ඉදිරිපත් කරන්න අපි බලපොරොත්තු වෙනවා.

එහි මුල්ම අදියර අපි මෙසේ ආරම්භ කරමු.

Lesson 01- Introduction to Java Technology

Java ගැන මූලික හැදින්වීමක් ඔබට ලබා දීම මේ අදියරේ අරමුණයි. ඊට අමතරව පරිඝනක භාෂාවක් විදියට ඉගෙනගැනීමට ඕනේ කරන දේවල් සහ Java තාක්ෂණය ගැන කුඩා

හැදින්වීමක්ද ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අදියර කොටස් 3කින් යුක්ත වෙනවා.

1. Java තාක්ෂණය හැදින්වීම

2. පරිඝනක භාෂාවක් යනු කුමක්ද?

3. Java ඉගෙනීමට පෙර?

Tutorial #01 – Java තාක්ෂණය හැදින්වීම

Java පරිඝනක ක්‍රමලේඛ භාෂාව මුලින්ම හදුන්වාදුන්නේ Sun Microsystems  ආයතනයේ James Goslin  විසින් 1995 දීයි.  මෙහි ක්‍රමලේඛ නීති රීති (Syntax) C,C++ වගේ අනෙකුත් පරිඝනක භාෂා මත පදනම් වී ඇතත් ඒවාට වඩා සරල හා වැඩි පහසුකම් සහිතව සංවර්ධනය කර ඇත. Java අද ලෝකයේ භාවිත වන පරිඝනක භාෂා අතරින් පළමු තැන පවතින පරිඝනක භාෂාවක්. එය අද වන විට වෙනම තාක්ෂණයක් විදියට දියුණු වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ දැනට විවිධ ක්ෂේත්‍ර වල  භාවිතා වන Computer Applications/Business Applications වලින් බොහොමයක පදනම වෙලා තියෙන්නේ Java යි.

Java වල ඇති විශේෂ ලක්ෂණ කිහිපයක් නිසා අනෙක් පරිඝනක භාෂා වලට වඩා ජනප්‍රිය වී තිබෙනවා . ඒ ගැන වැඩි විස්තර අපි පසුව කතා කරමු. ඊට අමතරව ඉගෙන ගැනීමේ පහසුව,නොමිලේ ලබාගත හැකි වීම,ඉතා විශාල ප්‍රමාණයක tutorials, study materials සහ help documentation ලබාගැනීමේ පහසුව නිසා Java ඉගෙනීම වඩාත් පහසු වී තිබෙනවා.

වැඩි විස්තර සදහා:

http://en.wikipedia.org/wiki/Java_(programming_language)

http://www.java.com/en/javahistory/timeline.jsp

Sun Microsystems මගින් Java ප්‍රධාන Editions 3ක් අර්ථ දක්වා තිබෙනවා.

  • Java Standard Edition (SE) -Desktop applications

  • Java Enterprise Edition (EE)-Web Applications

  • Java Mobile Edition (ME)-Mobile Applications

මේ අතරින් අපි අවධානය යොමු කරන්නේ Java Standard Edition වෙතයි.මේ edition එක භාවිතා කරන්නේ Desktop Applications/Standalone Applications නැතිනම් බොහෝ දුරට තනි පරිඝනකයක run වෙන applications/programs සදහායි. ඔබට Java පිලිබද මූලික හැදින්වීමක් ලබ දීම මේ tutorial එකේ අරමුණයි.ඇත්තටම පරිඝනක ක්‍රමලේඛ භාෂාවක් කුමක්ද යන්න පිලිබද දැන් අවධානය යොමු කරමු.

  පරිඝනක භාෂාවක් යනු කුමක්ද?

පරිඝනයක් මූලිකවම සැදී ඇත්තේ ඉලෙක්ට්‍රොනික උපාoග,පරිපථ හා සංඥා වලින් කියල අපි දන්නවා.ඉතින් අපිට ඒවා හසුරුවාගෙන යම් වැඩක් කරගන්න නම් ඒවාට digital signals  ලබා දෙන්න ඕනේ.Digital Signal එකක් කියන්නේ 01010101111010  ලෙසට හැදුන  රටාවක්. එනම් පරිඝනකය හදුනන භාෂාව වන්නේ මේ භාෂාවයි.පහත රූපයේ වගේ bulb එකක් හා switch එකක් භාවිතයෙන් මේක සරලව පෙන්වන්න පුළුවන්.

0=Voltage off  1=Voltage on   0 signal එක current එකක් නොගලන අවස්ථාව යි.1 signal එක current එක ගලන අවස්ථාවයි. මේ ආකාරයට ලබා දෙන current flow එකක් සිග්නල් එකක් ලෙස හදුන්වන්න පුලුවන්.එය පහත ප්‍රස්තාරයෙන් වඩාත් පැහැදිලි වෙනු ඇත.  

මේ ආකාරයට ලබාදෙන digital signals  කිහිපයක් හරහා අපිට පරිඝනකයට විධාන(instructions) ලබාදෙන්න පුලුවන්. එසේ ලබාදෙන instructions අපි හදුන්වන්නේ Machine Code නැත්නම් Machine Language  කියලයි. නමුත් මේ ආකාරයට Machine Language(0,1) භාවිතයෙන් Application එකක් ලියන එක ඉතා අපහසුයි.මේ අපහසුතාව මග හරවන්න පරිඝනක විද්යාඥයන් ඉදිරිපත්කල පිළියම වන්නේ පරිඝනක ක්‍රමලේඛ භාෂායි(programming languages).

පරිඝනක භාෂාවක් මගින් ඉහත විස්තර කළ Machine Codes වලට අනුරූප වන ඉංග්‍රීසි වචන මාලාවක් (Human Language) භාවිත කිරීමට පරිඝනක මෘදුකාග නිෂ්පාදකයන්ට (Computer Programmers) පහසුකම  ලබාදී තිබෙනවා.මෙහිදී අප ක්‍රමලේඛ භාෂාවෙන් ලබාදෙන instructions  ඊට අනුරූප Machine code එකට පරිවර්තනය කෙරෙනවා. එම පරිවර්තන ක්‍රියාවලිය සිදුකරන්නේ compiler නම් විශේෂ program එක හරහායි.

එම ක්‍රියාවලිය සරලව මෙසේ දක්වන්න පුලුවන්.

මෙය ඉතා සරළ හා ඔනෑම පරිඝනක භාෂාවකට පොදු සරල සටහනක් පමණයි.මේ ගැන වැඩි තොරතුරු සහ Java වල මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ කෙසේද යන්න පසුව කතා කරමු. දැනට මෙම compilation process එක ගැන සරළ වැටහීමක් තිබුණාම ඇති.

අපි මීලග tutorial එක හරහා අපි කතා කරන්නේ Java භාවිතා කිරීමට අවශ්‍ය ඔබ ලබා ගත යුතු මූලිකම දේවල් ගැනයි.   Java ඉගෙනීමට පෙර?

Java වල Compilation Process ගැනත්,තාක්ෂණික වශයෙන් එහි ඇති වාසි ගැනත් අපි පසුව අවධානය යොමු කරනවා.දැනට ඉගෙනීමට හා ප්‍රායොගිකව භාවිතා කිරීමටත් ඕනෙ කරන මූලික දේවල් මොනාද කියල බලමු.

 

1. Java Run-time Environment 6 (JRE 6)

ඔබ ලියන Java programs run ··කරන්නේ . Java Run-time Environment (JRE) මගින්.ඔනෙම java වලින් ලියපු program එකක් run කරන්න ඔබේ පරිඝනකයේ JRE එක ස්ථාපනය(install) කර තියෙන්න ඔනෙ.ඒත් ඔබ අලුතින් programs ක්‍රමලේඛණය කරන්නත් ඉගෙන ගන්න නිසා JRE එක විතරක් ප්‍රමණවත් නෑ.ඒ සදහා මෙහි දැක්වෙන 2වන ටූල් එක (JDK) අවශ්‍ය වෙනවා. JDK එක තුල JRE එකත් ඇතුලත් කරලා තියෙන්නෙ. ඒ නිසා JDK එක download කරලා· install කරද්දි JRE එකත් automatically install වෙනවා. ඒත් JRE එක විතරක් තනිව download කරන්න මේ link එක භාවිතා කරන්න.

 

2. Java Development Toolkit 6 (JDK 6)

Java ක්‍රමලෙඛණය සදහා Java Developers ලට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ Java Development Toolkit (JDK) මගින්.ඉතින් ඔබටද මෙය අවශ්‍ය වෙනවා.Download කරගැනීම මේ link එක හරහා කරගන්න පුලුවන්.මුලින් කිව්වා වගේ JDK එක සමග JRE එකත් වෙන නිසා ඔබ මේ එක භවිතා කිරිම පහසුයි.

(මෙහි JRE 6 හා JDK 6 විදියට දක්වලා තියෙන්නේ Version number එකයි.Java වල Versions ගැන මීලග Tutorial එකෙන් කතා කරමු.)

 

3. Any Text Editor

Java Source codes ලියන්න අපිට Text Editor එකක් ඕනෙ වෙනවා. මේ සදහා පහත දැක්වෙන ඕනෙම Text editor එකක් use කරන්න පුලුවන්.

Ex: Notepad, Notepad++ for windows, Gedit, Nano for Ubuntu

 

4. Integrated Development Environment (IDE)

Integrated Development Environment (IDE) කියන්නේ Software Development/ Computer Programming වඩාත් පහසු කරගන්න උදව් වෙන tool එකක්.මේ ගැන අපි ඉදිරියේදි කතා කරමු. දැනට පහත IDEs අතරින් කැමති එකක් උත්සහ කරන්න.

Eclipse (http://www.eclipse.org)

Netbeans (http://netbeans.org/)

මේ components/tools download කරල install කරගන්න.දැන් ඔබ Java Programming ඉගෙන ගන්න සූදනම්!. {flike}

You may also like

C පරිගණක ක්‍රමලේඛන භාෂාව-පිවිසුම
3.ජාවා වැඩසටහනක ක්‍රියාවලිය
Object Oriented Programming in Java