Arrays නොහොත් දත්ත පේළි

Array එකක් යනු එකම data type එකකින් සාදන ලද විචල්‍ය වලින් සෑදුන හා එම විචල්‍යය ප්‍රමාණය දන්නා විචල්‍යයකි. int array එකක් සාදන ක්‍රමය පහත දැක්වේ.
int a[5];
a[0]=1;
a[1]=2;
a[2]=4;
a[3]=1;
a[4]=124;
හෝ
int a[5]={1,2,4,1,124};
මේ සදහා ඕනෑම data type එකක් භාවිතා කළ හැක. signed හෝ unsigned බවද දැක්විය හැක.   char array එකක් initialize කිරීමේ දී සුවිශේෂී යමක් සිදු වේ. එනම් අකුරු ප්‍රමාණයට වඩා එකක් වැඩියෙන් ඉඩ වැය වීමයි. මෙයද compiler එක මඟින් දෝෂයක් ඇති බව අපට නොදන්වයි. උදාහරණයක් ලෙස,
#include
int main(){ char i[5]=”hello”; printf(“%s”, i); return 0; } යන්න ධාවනයෙන් ලැබෙන output එක,
hello
වැන්නකි. අප ලබා නොදුන් යමක් ද print වෙයි, මෙයට හේතුව වන්නේ C වල string data type එකක් වෙන ම නොතිබුන ද එහි string වලට අර්ථ දැක්වීමක් ඇත, එහි දැක්වෙන ආකාරයට සෑම string එකක් වන char array එකක ම අකුරු දත්ත නිමාවන තැනට පසුව ඇති byte එකේ ඇති දත්තය 0x00000000(කෙටියෙන් කියනවා නම් 0) විය යුතුයි. එය සිදුවීමට මෙහි ඉඩ නොලැබුනේ අප භාවිතා කළ array එකට අප ලබා දුන් ඉඩ ප්‍රමාණය 5ක් වීම නිසයි, char 5ක් දැමූ විට ඉඩ අවසාන වේ එම නිසා 0ක් දැමීමට ස්ථානයක් නැත. print කිරීමේ දී වෙනත් දේ print වීම මේ නිසා සිදුවේ. මෙය නිවැරදි කිරීමට hello සදහා char 6ක් වත් වෙන් කිරීම කළ යුතුය.

printf ගැන වැඩි දුර විස්තර ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න

{flike}

You may also like

HelloWorld.c
C පරිගණක ක්‍රමලේඛන භාෂාව-පිවිසුම
විචල්‍යයන්