Dreamweaver භාවිතයෙන් වෙබ් අඩවියක් සකස් කර ගැනීම

Dreamweaver යනු වෙබ් අඩවි නිර්මාණය කිරීමට හා පවත්වාගෙන යාමට භාවිතා කළ හැකි මෙවලමකි.

Dreamweaver වලදී ‘site’ යනුවෙන් හඳුන්වන්නේ වෙබ් අඩවියකට අදාළ documents store කිරීමට හැකි local/remote folder එකකි.

Dreamweaver site එකක් මඟින් සියලුම වෙබ් documents සකස් කර ගැනීමට හා හසුරවා ගැනීමටත්, වෙබ් අඩවිය server එකකට upload කිරීමටත්, files හසුරවා ගැනීමටත්, links share කිරීමට හා හසුරවා ගැනීමටත් අවස්ථාව ලැබේ. Site එකක් define කිරීමේදී Dreamweaver වෙතින් ලබාදෙන සියලුම මෙවලම් වලින් උපරිම ප්‍රයෝජනය ගත හැකි ලෙස එය සිදු කිරීම වැදගත් වේ. නිර්මාණය කරනු ලබන web site එකට අනුව Dreamweaver site එකක් කොටස් තුනකින් හෙවත් folders තුනකින් සමන්විත වේ.

Local root folder

මේ තුළ ඔබ දැනට වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී භාවිතා කරන files store කරයි. මෙම ෆෝල්ඩරය ‘local site’ යනුවෙන් Dreamweaver හීදී හඳුන්වයි. එය ඔබ දැනට භාවිතා කරන පරිගණකය හෝ network server එකක් තුළ සාදා ගත හැකිය. වෙබ් අඩවිය නිර්මාණය කෙරෙන්නේ server එක තුළම නම්, files save කරන සෑම විටම ඒවා server එක වෙත upload කරනු ලැබේ.

Remote folder

Testing, production, collaboration යනාදිය සඳහා files store කරගනී. මෙම ෆෝල්ඩරය ‘remote site’ යනුවෙන් හඳුන්වයි. එය web server එක ඇති පරිගණකය තුළ නිර්මාණය වේ. Local ෆෝල්ඩරය හා remote ෆෝල්ඩරය මඟින් files හසුරවා ගැනීමටත්, hard disk එක හා web server එක අතර files හුවමාරු කිරීමටත් පහසු වේ.

Testing server folder

Dreamweaver මඟින් dynamic pages, process කරනු ලබන ෆෝල්ඩරය මෙනමින් හැඳින්වේ.

Local සහ remote ෆෝල්ඩරයන්හි ආකෘතිය හඳුනා ගැනීම

Remote ෆෝල්ඩරයක් හා සම්බන්ධ වීම සඳහා Dreamweaver භාවිතා කරන අවස්ථාවකදී, Site Definition Dialog box එකෙහි Remote Info කොටසේදී එම ෆෝල්ඩරය නම් කළ යුතුය. එය ඔබගේ Dreamweaver site එකෙහි local root ෆෝල්ඩරය හා අනුරූප වීම වැදගත් වේ. remote ෆෝල්ඩරය ඕනෑම නමකින් නම් කළ හැකි නමුත්, පොදුවේ public_html, pub_html ආදී ලෙස නම් කෙරේ. remote server එක ඔබ විසින් පාලනය කෙරේ නම් හා ඔබට අවශ්‍ය ලෙස remote ෆෝල්ඩරය නම් කළ හැකි නම් local root folder හා remote folder යන දෙකම එකම නමකින් නම් කිරීම වඩා සුදුසු වේ.

පහත උදාහරණයේ වම් පස local root ෆෝල්ඩරය දැක්වෙන අතර, දකුණු පස remote ෆෝල්ඩරය දැක්වේ. මෙහිදී එක් local root ෆෝල්ඩරයක් හා එක් remote ෆෝල්ඩරයක් ඇති අවස්ථාවක් සලකා ඇති අතර Dreamweaver sites එකට වැඩි ප්‍රමාණයක් ඇති විටක remote server එකෙහි ඒ හා සමාන remote ෆෝල්ඩර් ප්‍රමාණයක් තිබිය යුතුවේ. එහිදී පහත උදාහරණය අදාළ නොවේ. එවිට public_html ෆෝල්ඩරය යටතේ වෙනස් remote folders සාදා එයට අදාළ local root ෆෝල්ඩරය හා අනුරූප කිරීම සිදුවේ.

Dreamweaver  හා සම්බන්ධ වීමට remote ෆෝල්ඩරයක් පළමුව සාදා තිබීම අවශ්‍යය. පළමු වරට remote connection එකක් සෑදීමේදී, remote ෆෝල්ඩරය හිස්ව පවතී. පසුව Dreamweaver භාවිතයෙන් files upload කරන විට remote ෆෝල්ඩරයට මෙම සියළු web files එකතු වේ. Remote ෆෝල්ඩරයේ හා local root ෆෝල්ඩරයේ ආකෘතිය සැම විටම සමාන වීම වැදගත් වේ. ආකෘතීන් අසමාන වූ විට Dreamweaver විසින් upload කරනු ලබන files වැරදි ලෙස ස්ථානගත වන අතර වෙබ් අඩවිය තුළ එම දත්ත දැකිය නොහැකි වනු ඇත. එසේම images හා links සඳහා දෙන ලද paths වෙනස් වීමටද හැකිය.

Manage Sites dialog box භාවිතා කරන අයුරු

Manage sites dialog box එකෙන් අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට, සංස්කරණය කිර්‍රමට, duplicate කිරිමට, ඉවත් කිරීමට හෝ වෙබ් අඩවියක settings import හෝ export කිරීමට අදාළ පහසුකම් ලබාදේ.

  • Site –> Manage Sites select කර අදාළ වෙබ් අඩවිය වම් පස ඇති ලැයිස්තුවෙන් තෝරා ගන්න
  • අවශ්‍ය කාර්යය අනුව අදාළ button එක click කර ‘Done’ click කරන්න
  • New : නව වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම සඳහා
  • Edit : පවතින අඩවියක් සංස්කරණය කර ගැනීම සඳහා
  • Duplicate : තෝරාගත් අඩවියෙහි පිටපතක් ගැනීම සඳහා
  • Remove : වෙබ් අඩවිය ඉවත් කිරීම සඳහා
  • Export : XML file (*.ste) එකක් ලෙස වෙබ් අඩවියේ settings export කිරීම සඳහා
  • Import : Import කිරීමට වෙබ් අඩවියේ settings file (*.ste) එකක් select කිරීම සඳහා

Local root ෆෝල්ඩරයක් සාදා ගැනීම

වෙබ් අඩවියේ ආකෘතිය සැලසුම් කිරීමෙන් පසුව Dreamweaver තුළ site එකක් සාදා ගත යුතුය. Dreamweaver මඟින් නිර්මාණය නොකරන ලද වෙබ් අඩවියක් Dreamweaver භාවිතයෙන් edit කිරීමට වුවද site එකක් අවශ්‍ය වේ. Files publish කිරීමෙන් තොරව edit කිරීමට පමණක් අවශ්‍ය නම් local root ෆෝල්ඩරයක් පමණක් සාදා ගැනීම ප්‍රමාණවත් වේ.

  1. පහත විකල්ප අතුරින් එකක් තෝරාගන්න
    • අළුත් site එකක් සඳහා Site –> New site යන්න select කරන්න
    • පවතින site එකක setup එක edit කිරීම සඳහා Site –> Manage site යන්න select කර Edit click කරන්න
  2. Setup information ලබා දෙන්න
    • Site setup wizard එක මඟින් setup කිරීම සඳහා Basic tab එක click කර අදාළ උපදෙස් අනුව කටයුතු කරන්න
    • Local, remote, testing folders එකවර සැකසීම සඳහා Advanced tab එක click කර Local Info කොටසේ අදාළ වෙනස්කම් සිදු කරන්න
  3. Site එක නිර්මාණය කිරීම සඳහා අවසානයේ OK හා Done click කරන්න

Local root folder setup options

Basic tab එක භාවිතයෙන් තොරව local, remote, testing folders එකවර සැකසීම සඳහා Advanced tab එක භාවිතා කරන්නේ නම් පහත තොරතුරු ඇතුළත් කරන්න

Site Name:  Files panel එකේ හා Manage Sites dialog box එකේ දිස්වන නම. මෙය browser එක තුළ නොපෙන්වයි.

Local root folder: Local disk එක තුළ ඇති ෆෝල්ඩරයේ නමයි. එහි site files, templates හා library items store කරනු ලබයි.

Default images folder: Site එක තුළ භාවිතා කරනු ලබන images store කර ඇති ෆෝල්ඩරයේ path එකයි.

Links relative to: Site එකේ අනෙක් පිටු වෙත ඇති links වල paths වෙනස් කරනු ලබයි.මෙම වෙනස් කිරීමෙන් දැනට පවතින links වල paths වෙනස් නොවන අතර එය බලපානු ලබන්නේ අළුතින් නිර්මාණය කරනු ලබන links වලට පමණි.

HTTP address: ඔබේ වෙබ් අඩවිය භාවිතා කරනු ලබන URL එක මෙහිදී ලබා දිය යුතු වේ.

Use Case-sensitive Link Checking:  Dreamweaver විසින් links check කරන අවස්ථාවේදී links වල හා files වල cases ගැළපේදැයි පරීක්ෂා කරනු ලබයි. මෙය filenames, case sensitive වන UNIX systems වලදී වඩා ප්‍රයෝජනවත් වේ.

Enable Cache: Link එකේ වේගය හා site management tasks දියුණු කිරීම සඳහා local cache එකක් සෑදිය යුතුද යන්න දක්වයි. Assets panel ක්‍රියාත්මක වන්නේ cache එකක් ඇතිනම් පමණක් වන බැවින් මෙම option එක select කිරීම වැදගත් වේ.

{flike}

You may also like

Creating a web site 02
Using remote folders
Dreamweaver භාවිතය – 02