PHP ඉගෙනගමු

අළුත් විශේෂාංග රැසක් සමග කල එළි බසින් අපේ CompSoc වෙබ් අඩවිය තුලින් තවත් ප්‍රයොජනවත් මාතෘකාවක් ඔස්සේ ඔබහට දැනුම බෙදාදෙන්න තමයි මේ අපේ  සූදානම.අපේ මාතෘකාවට වස්තුබීජය උනේ ඔබ හට ගොඩාක් සමීප අන්තර්ජාලය. හැබයි මේ කියන්න ලෑස්ති වන්නේ අන්තර්ජාලයෙන් ලබාගන්න පුලුවන් ප්‍රයෝජන නම් නෙමෙයි , ඒ හා සම්භන්ද තාක්ෂණික විෂයක් ගැන.විෂය නමින්ම පැවසුවොත් PHP  පිළිබඳව.

දැන් මම කියන්න ලෑස්ති වෙන්නේ ඔබ පරිඝණකය ඉදිරියේ වාඩිවෙලා වෙබ් බ්‍රව්සරයක් විවුර්ත කරගෙන එහි වෙබ් අඩවියක නම ඇතුලත් කරපුවහම ඒ වෙබ් අඩවියට අදාල අන්තර්ගතය ඔබේ වෙබ් බ්‍රවුසරයට එන්නේ කොහොමද කියන එක ගැන.ඇත්තටම මේක රසවත් කතාවක්.

 මෙතනදි වෙන්නේ මෙහෙම දෙයක්.ඔබ යම් වෙබ් අඩවියකට පිවිසෙන්න ඒ අඩවිය වෙබ් ලිපිනය නැත්නම් URL එක  address bar එකේ type කලාම ඒ අදාළ වෙබ් අඩවියෙ තොරතුරු අඩංගු වෙබ් සර්වරය[web server] වෙතට පනිවිඩයක් යැවෙනවා ඔබේ වෙබ් බ්‍රව්සරයෙන්.මේ පනිවිඩයේ අඩංගු වෙන්නේ සරලවම කියනවනම් මේ ලිපිනයට අදාළ වෙබ් පිටුව ලබා දෙන්න කියලා.ඊට පස්සෙ වෙබ් සර්වරය ඒ වෙබ් පිටුව ලියන්න භාවිතා කරපු scripting language* එකට ඔබ වෙබ් බ්‍රව්සරය හරහා යවපු ඉල්ලීම ලබා දෙනවා. ඉන්පසු මේ scripting language එකේ භාවිතා වන scripting engine එක මගින් ඔබ ඉල්ලූ තොරතුරු ඔබෙ  වෙබ් බ්‍රව්සරයෙන් බලාගත හැකි වන පරදි සකස් කිරීමක් සිද්ධ කරල ඔබෙ වෙබ් බ්‍රව්සරය වෙතට එවනවා. මේ පින්තුරයෙන් කතාව තවත් පැහැදිලි වෙයි.

php-intro

දැන් පැහැදිලි ඇතිනේ කොහොමද ඔබට අවශ්‍ය වෙබ් පිටුවක් ඔබගේ පරිඝණකයට එන්නේ කියල. මීලඟට බලමු අපි අද සිට ඉගනගන්න මුල පිරුව PHP කියන්නෙ මොකද්ද කියලා. ඇත්තටම අර කලින් ඉදිරිපත් කරපු පිංතූරයේ විදියට අපේ web browser  එකින් අපිට අදාල වෙබ් පිටුව ඉල්ලුවහම (මෙවැනි දේකට අපි කියන්නේ request එකක් කියල)  අදාල වෙබ් අඩවිය ස්ථාපනය කරල්ල තියන web server එක තුල අපේ request එකට අදාලව යම්කිසි දත්තයන්ගේ process වීමක් සිදුවන්න ඔනේ. මෙන්න මේ ක්‍රියාවලිය ඉටුකරගැනීමට අපි පාවිච්චි කරනව server side scripting language එකක්( මෙහිදී server side කියන්නේ web server එක තුල සිදුවන ක්‍රියාදාමයක් නිසා). PHP  කියන්නෙත් අන්න ඒ වගේ ලෝකයේ බහුලවම භාවිතාවන scripting language එකක්. මෙහි තියන විශේෂත්වය තමයි මෙය නිදහස් හා විවෘත( Free And OpenSource) scripting language එකක්.අපි දැන් බලමු PHP වල ඉතිහාසය

PHP වල ඉතිහාසය

PHP කියන දෙය මුලින්ම ලෝකයට ඉදිරිපත් කෙරුවෙ රැස්මස් ලෙර්ඩොර්ෆ් ( Rasmus Lerdorf ) කියන පුද්ගලයෙකු විසින් 1994දි. නමුත් එය අද අපි මේ ඉගන ගන්නා අන්තර්ගතය දක්වා වැඩි දියුනු උනේ තවත් විද්වතුන් කිහිපයකුගේම උත්සහයේ ප්‍රතිපලයක් ලෙසයි. එය කෙතරම් ජනප්‍රිය උනාද කියනවනම් වර්ෂ 2007  වනවිට මිලියන 20කටත් අධ්ක domains ගණනක Server Side Scripting Language එකක ලෙස PHP භාවිතා වෙනවා.

ඔබට සමහර විට කුතුහලයක් ඇතිවෙන්න ඇති මේ PHP කියන අකුරු 3 තේරුම කුමක්ද කියන එක. මුලදී නම් PHP  කියන අකුරු තුනේ අර්තය උනේ ” Personal Home Page”  කියන එක. නමුත් පසුව එය “PHP Hypertext Preprocessor “ ලෙස වෙනස් උනා. අද ලෝකයේ බහුලවම භාවිතා වන්නේ PHP 5 කියන නවතම නිකුතුව. ඒකනිසා අපි හිතුවා අපේ කතාබහත් PHP 5කියන නවතම නිකුතුවට අදාලව කරගෙන යන්න.

දැන් PHP කියන්නේ කුමක්ද? මොනවට ප්‍රයොජනවත් වෙන්නේ කියන එක ඔබට පැහැදිලි ඇති කියල හිතනවා.

ඔබට PHP  වලට අදාල තවත් තොරතුරු මෙන්න මේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්

http://www.php.net/

අපි මීලඟ ලිපියෙන් ඔබට ගෙන එන්න බලපොරොත්තු වෙනව  ඔබගේ පරිඝණකය තුල PHP , Apache සහ MySQL පිහිටුවාගන්නේ සහ Configure කරන්නේ කොහොමද කියන එක කියල දෙන්න.

සටහන….

රුවන් වික්‍රමාරච්චි සහ

තිළිණි විජේසිරිවර්ධන ගෙන්.

{flike}

You may also like

C පරිගණක ක්‍රමලේඛන භාෂාව-පිවිසුම
3.ජාවා වැඩසටහනක ක්‍රියාවලිය
Java Lesson 01