Dreamweaver භාවිතය තව දුරටත්

වෙබ් පිටුවලට links යෙදීම

වෙබ් පිටු එකිනෙකට සම්බන්ධ කිරීම කරනු ලබන්නේ links මඟිනි. එකම වෙබ් අඩවියේ පිටු අතර, වෙනත් වෙබ් අඩවියක් හෝ පිටුවක් සමඟ සම්බන්ධ කිරීම් වලට hyperlink ලබාදිය යුතුය. hyperlinks ප්‍රධාන වශයෙන් කොටස් තුනකි. External link, Internal link හා E-Mail link වශයෙනි.

 
  • External links යෙදීම

එනම් අපගේ වෙබ් පිටුවේ සිට වෙනත් වෙබ් අඩවියක් හෝ පිටුවක් වෙතට පිවිසීමට අවස්ථාව ලබා දීමයි. පළමුව link එක යෙදිය යුතු වචනය design window එක තුළින් select කරන්න. ඉන්පසු Insert මෙනු එක තුළින් Hyperlink යන්න click කරන්න. එවිට Hyperlink dialog box එක විවෘත වේ. Text එකට link විය යුතු පිටුව තෝරා දීම සඳහා Link හි ඉදිරියෙන් ඇති browse button එක click කරන්න. එවිට ලැබෙන Select File dialog box එක මඟින් link විය යුතු ෆෝල්ඩරය හෝ ලිපිනය තෝරා දෙන්න. මෙහි ඇති Target යන්න තුළින් link කළ වෙබ් පිටුව විවෘත විය යුත්තේ වෙනත් tab එකක නම් _blank යන්නද එම පිටුවේම නම් _parent යන්නද තෝරා දිය හැකිය. සකසන link එක මතට mouse pointer එක ගෙන ගිය විට යම් ඉඟියක් ලබා දීමට අවශ්‍ය නම් Title තුළින් එය ලබා දෙන්න. අවසානයේ OK button එක click කරන්න.

  • Internal links යෙදීම

එකම වෙබ් පිටුවක විවිධ ස්ථානයන්ට පහසුවෙන් පිවිසීමට මෙම links භාවිතා කළ හැකිය. මේ සඳහා පළමුව link එක සම්බන්ධ විය යුතු ස්ථානය අසළ click කරන්න. දැන් Insert මෙනු එක තුළින් Named Anchor තෝරන්න. එවිට Named Anchor dialog box එක විවෘත වේ. මෙහි Anchor Name ස්ථානයේ අදාළ තැන හඳුනා ගැනීම සඳහා කැමති නමක් ලබාදී කරන්න. එවිට එම ස්ථානය ඉදිරියෙන් anchor සළකුණක් දැක ගත හැකි වනු ඇත. එසේ anchor එක නම් කිරීමෙන් අනතුරුව hyperlink එක යෙදිය හැකිය. පෙර ලෙසම Hyperlink dialog box එක ලබා ගෙන Link යන්න තුළින් anchor එකේ නම click කරන්න. එවිට hyperlink එක ලබා ගත හැකිය.

  • ඉ-මේල් links යෙදීම
මේ සඳහා link එක ලෙස ක්‍රියා කළ යුතු වචනය select කර Insert මෙනු එක තුළින් Email Link යන්න click කරන්න. එවිට Email Link dialog box එක විවෘත වේ. එහි Text ඉදිරියේ link එක ලෙස දැක ගත හැකි වචනයද E-Mail ඉදිරියේ ඉ-මේල් ලිපිනයද ලබා දෙන්න. අවසානයේ OK button එක click කරන්න.

වෙබ් පිටුව මතට menu bars එක් කිරීම

විවිධ මාතෘකා ගණනාවක් ඇති වෙබ් අඩවියක පහසුවෙන් මාතෘකා වෙත පිවිසීම සඳහා menu bars අවශ්‍ය වේ. පළමුව design window එක තුළින් අවශ්‍ය ස්ථානය click කරන්න. Insert මෙනුවෙන් Spry select කර ලැබෙන sub මෙනුවෙන් Spry Menu Bar select කරන්න. එවිට Spry Menu Bar dialog box එක විවෘත වේ. මේ තුළින් menu bar එක අවශ්‍ය සිරස් අතටද (Horizontal) තිරස් අතටද (Vertical) යන්න තෝරා දෙන්න. අවසානයේ OK button එක click කරන්න. එවිට මෙනු කීපයකින් සමන්විත මෙනු බාර් එකක් design window එක තුළට ලැබේ. එසේම එහි වෙනස්කම් කිරීමට හැකි වන ලෙස property inspector එකද වෙනස් වේ.

වෙබ් පිටුවකට tabs යෙදීම

ඇතැම් වෙබ් පිටු වල විස්තර පෙන්වීමට tabs කිහිපයක් භාවිතා කරගත හැකිය. ඒ සඳහා Insert –> Spry –> Spry Tabbed Panels වෙත යන්න. එවිට වෙබ් පිටුව මතට tab panel එක ලැබේ. එසේම එහි වෙනස්කම් කිරීමට හැකි වන ලෙස property inspector එකද වෙනස් වේ.

වෙබ් පිටුවකදී frames භාවිතා කිරීම

වෙබ් පිටුවක frames භාවිතා කිරීම තුළින් එකම frame එකක් තුළ වෙබ් පිටු කිහිපයක විස්තර පෙන්විය හැකිය. දත්ත ඇතුළත් කිරීමට පෙර frame එක යොදා ගෙන තිබීම වැදගත් වේ. ඒ සඳහා Insert මෙනුවෙන් HTML select කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් Frames select කරන්න. එම sub මෙනුවෙන් පෙන්වන්නේ frame එක යෙදිය හැකි විවිධ ස්ථානයි. මින් එක් ස්ථානයක් select කළ විට Frame Tag Accessibility Attributes dialog box එක විවෘත වේ. මෙහි Title නම් ස්ථානයෙන් frame එකට නමක් ලබාදිය හැකිය. ඉන්පසු OK යන්න click කරන්න. Frame එක design window එක මත දිස්වනු ඇත. මිළඟට එම frame එකේ අනෙකුත් සැකසුම්(settings) කරගත හැකිය.

වෙබ් පිටුවකට tables භාවිතා කිරීම

 

Tables සැකසීම යනු වෙබ් පිටුවක් සැකසීමේ ප්‍රධානතම අංගයකි. ඒ සඳහා Insert මෙනු එක තුළින් Table යන්න select කරන්න. එවිට Table dialog box එක විවෘත වේ.

මෙහි Table Size යටතේ ඇති Rows නම් ස්ථානයෙන් අවශ්‍ය තීරු ගණන ද Columns නම් ස්ථානයෙන් අවශ්‍ය පේළි ගණන ද ලබාදිය හැකිය. Table width මඟින් table එකේ පළල ලබා දෙන්න. එය pixel අගයෙන් හෝ ප්‍රතිශතයක් ලෙස වුවද ලබාදිය හැකිය. Border thickness නම් ස්ථානයෙන් borders වල ගණකම කෙතරම් විය යුතුද යන්න සකස් කර ගත හැකිය. Table එකේ cell එකක් වටා ඇති දාරයේ සිට අකුරු ඇතුළත් වන කොටසට තිබෙන දුර, Cell padding නම් ස්ථානයෙන් ලබාදෙන්න. Cell spacing මඟින් සකසන්නේ cells දෙකක් අතර පරතරය කොපමණද යන්නයි.

මෙහි Headers යටතේ පෙන්වන්නේ මාතෘකා දැක්වෙන තීරුය. එයද අවශ්‍ය පරිදි සකසා OK click කළ විට design window එක මතට table එක ලබාගත හැකිය. Code window එක තුළ අදාළ codes සැකසෙන බැවින් අවශ්‍ය නම් එම codes වෙනස් කර හෝ අවශ්‍ය ලෙස table එක නිර්මාණය කර ගත හැකිය.

මෙලෙස සකස් කරගත් table එක ඉන්පසුව සංස්කරණය කර ගත හැකිය. Property inspector එක තුළින් අදාළ වෙනස් කර ගැනීම කරගැනීම පහසුවේ. Table එකට දත්ත ඇතුළත් කිරීමට cell එක click කර යතුරු පුවරුව භාවිතයෙන් දත්ත ඇතුළත් කර ගත හැකිය.

ඉහත සඳහන් කර ඇති මූලික සැකසුම් වලට අමතරව Dreamweaver  භාවිතා කිරීමෙන්, ඕනෑම සරල හෝ උසස් තත්වයෙන් යුතු වෙබ් අඩවියක් සකස් කර ගැනීමට අවශ්‍ය සියලුම සැකසුම් පහසුවෙන් කරගත හැකිය

{flike}

You may also like

Creating a web site 02
Creating a web site 01
Using remote folders