හොඳයි,  JAVA භාවිතයෙන් web developing ලිපි මාලාවේ දෙවැනි ලිපියයි අපි මෙලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ… මම හිතනවා ඕගොල්ලන් අපි කලින් ලිපියේදී කියු  විදියට ඒ අවශ්‍ය මෘදුකාංග install කරගෙන java වලින් web developing කරන්න සූදානම් ඇති කියලා. නමුත් ඊට ප්‍රථමයෙන්, java වලින් වගේම වෙනත් ඕනෑම භාෂාවකින් web developing කරද්දි අපි මූලිකව දැනගත යුතු කරුණු කිහිපයක් ගැන කතා කරල ඉඳිමු.මේ කථා කරන සමහර දේවල් සමහර කෙනෙක්ට බොහෝ විට ඉතා සමීප ඇති. නමුත් මේ කථාබහේදි අපි බලාපොරොත්තු වෙනවා අපේ compsoc.lk වෙබ් අඩවිය හා එක්වන ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන අයුරින් මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්න. මෙහිදී මූලිකවම dynamic & static web pages ගැනත්, web container සහ web server ගැනත් හා HTTP protocol එක  ගැනත් කතා කරල ඉඳිමු. Dynamic & Static ලෙස සාමාන්‍යයෙන් අන්තර්ජාලය හා බැඳුණු වෙබ් පිටු, වර්ග 2 කට අපට බෙදා දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අපේ වෙබ් browser එක තුලින් යම්කිසි request එකක් server එකකට යැවුවාම server එක තුලදී කිසිම processing එකක් හෝ වෙනස් කිරීමකින් තොරව අප වෙත ලබා දෙන වෙබ් පිටුවක්, static web page එකක් ලෙස හඳුන්වයි. එසේම, මෙසේ යම් කිසි request එකක් සඳහා ලබා දෙන response එක නැත්නම් අපට ලැබෙන page එක web server එක තුලදී යම් කිසි process වීමකට ලක් වී අප වෙත ලැබේනම් එවැනි page එකක් dynamic page එකක් ලෙස හැඳින්වේ. මීලඟට අපි බලමු web server එකක් හා web container එකක් අතර වෙනස මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි ඍජුවම ගණුදෙණු කරන්නේ web server එකත් සමඟයි. Web server එකක ප්‍රධාන කාර්යය වෙන්නේ client ට අදාල response එක ලබා දීමයි. එනම් static page එකක් client ට ලබා දීමට web server එකක් ප්‍රමාණවත්.නමුත් අප dynamic web pages සහිත web application එකක් develop කරනවානම් අපට අනිවාර්යයෙන්ම web container එකක් අවශ්‍යයි.අප මෙහිදී කතා කරන්නේ java පිළිබඳවයි.නමුත් php වලදී නම් මෙලෙස java container එක වෙනුවට php engine එක භාවිතා කරනවා.web application එකක web container එකට ඉතා වැදගත් තැනක් හිමිවෙනවා.මෙම web container එකක් සාමාන්‍යයෙන් වෙබ් server එකක්  තුල පිහිටුවනවා. java web application එකක අපි මූලිකවම භාවිතා කරන්නේ jsp හා servlet ය(මේවා පිලිබඳ ඉදිරියේදි තව දුරටත් කතා කිරීමට බලාපොරොත්තු වෙමු ). servlet හා jsp වල life cycle එක සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ ඉහත කී container එක මගින්. ඒ වගේම web security, multi-threading, transaction වලදි java web container එක ඉතා වැදගත් කාර්ය්‍යයක් ඉටු කරනවා. apache කියන server එක තනිව ක්‍රියා කරන විට එය සාමාන්‍ය web server එකක්. ඒ වගේම web container වලට උදාහරණ ලෙස glassfish, apache tomcat, BEA weblogic දක්වන්න පුළුවන්. පහත රූපයෙන් දැක්වෙන්නේ web container එකක පිහිටීමයි. Java EE - දෙවැනි දිගහැරුම මෙහිදී අපගේ ඉදිරි කටයුතු සඳහා apache tomcat හෝ glassfish අපි යොදා ගැනීමට බලාපොරොත්තු වෙමු. එ වගේම HTTP protocol එක ගැනත් අපි ටිකක් කතා කරල  java වලින් web application නිර්මාණය පටන් ගනිමු. HTTP protocol එක අයත් වන්නේ application layer එකටයි. මෙය run වෙන්නේ TCP/IP protocol මතයි.web server එකක client-server සම්බන්ධය පවත්වා ගැනීමට මෙම HTTP protocol එක භාවිතා කරනවා. මෙමගින් අන්තර්ජාලය හරහා යම් කිසි request යවන විට අප විසින් භාවිතා කරන HTTP methods කිහිපයක් තිබෙනවා. ඒවා නම්, GET,POST,HEAD, PUT, DELETE, CONNECT ආදී ලෙසයි.සාමාන්‍යයෙන් අපි සුලභවම භාවිතා කරනු ලබන්නේ HTTP GET සහ HTTP POST methods ය. ඉහත පැහැදිලි කරගත් කරුණු අනුව servlet වල භාවිතය හා java web application එකක hierarchy එක ඇතුලු අළුත් තොරතුරු සමඟින් ඊලඟ ලිපියෙන් නැවතත් හමුවෙමු. සැකසුම :- ජනිත් කල්හාර {flike}

You may also like

Java EE පළමු පාඩම
Java EE පළමු පාඩම