HTML Head

The HTML <head> Element

පෙර කී පරිදි Head යනු HTML ලේඛනයක එක් ප්‍රධාන කොටසකි. ඒ අනුව <head> Element 1 යනු HTML ලේඛනය පිළිඹඳ තොරතුරු දක්වන Elements වල එකතුවකි. පහත සඳහන් Tags Head කොටස තුළ අන්තර්ගත විය හැක​. <title>,<base>,<link>,<meta>,<script>,<style>

The HTML <title> Element

<title> Tag 1 මගින් පිටුවේ නම නැත්නම් මාතෘකාව නිරූපණය කරයි. සියළුම ලේඛන සඳහා <title> Element 1 අනිවාර්‍ය වේ.

The HTML <base> Element

<base> Tag 1 මගින් පිටුවේ ඇති සියළුම Links සඳහා පොදු වන Address 1ක් හෝ ඉලක්කයක් (Target) නිරූපණය කරයි.  

The HTML <link> Element

<link> Tag 1 මගින් HTML පිටුව හා බාහිර දෙයක් අතර ඇති සම්බන්ධතාවය නිරූපණය කරයි. <link> Tag 1 බහුලව භාවිතා කෙරෙනුයේ Style Sheets සම්බන්ධ කිරීම සඳහාය​.

The HTML <style> Element

<style> Tag 1 මගින් පිටුවේ අලංකරන තොරතුරු නිරූපණය කරයි. <style> Element 1 තුළ Browser 1 මගින් HTML Elements ගෙනහැර දැක්විය යුතු ආකාරය සඳහන් කළ යුතුය​.

The HTML <meta> Element

Metadata යනු දත්ත පිළිබඳ තොරතුරුය​. <meta> Tag 1 මගින් HTML පිටුව පිළිබඳ Metadata සපයයි. Metadata වෙබ් පිටුව මත දිස් නොවන නමුත් පරිගණකයට අවබෝධ කර ගත හැක​. Meta Elements නියමාකාරයෙන් භාවිතා වනුයේ පිටුව පිළිබඳ විස්තරයක්, මූලික පද (keywords), කතෘ හා වෙනත් Metadata සඳහන් කිරීමටය​. <meta> Tag 1 සෑම විටම <head> Element 1 තුළ ඇතුළත් කළ යුතුය​. සමහර Search Engine මගින් වෙබ් පිටු පෙළගැස්වීම සඳහා Meta Element එකෙහි name හා content යන Attributes භාවිතා කරයි. පහත Meta Element 1 මගින් පිටුවක් පිළිබඳ විස්තරයක් නිරූපණය කරයි.
  • <meta name=”description” content=”Free Web Tutorials on HTML, CSS, XML”>
පහත Meta Element 1 මගින් පිටුවක් සඳහා මූලික පද (keywords) නිරූපණය කරයි.
  • <meta name=”keywords” content=”HTML, CSS, XML”>
මෙම Attributes දෙකෙහි පරමාර්ථය වන්නේ පිටුවක අන්තර්ගතය විස්තර කිරීමයි.

The HTML <script> Element

<script> Tag 1 මගින් JavaScript වැනි client-side scripts නිරූපණය කරයි. html10 {flike}

You may also like

6 – HTML Links
5– HTML Formatting
4 – HTML Paragraphs