HTML Headings

HTML ලේඛන තුළ ඉතා Headings වැදගත් වේ.

HTML Headings

<h1> සිට <h6> දක්වා වූ Tags මගින් Headings නිරූපණය කරයි. <h1> Tag 1 මගින් ඉතාම වැදගත් නිරූපනය කෙරෙන අතර වැදගත්කම අඩු වන පිළිවෙලට ගොස් වැදගත්කම අඩුම Heading <h6> Tag 1 මගින් නිරූපණය කරයි.

වැදගත් කරුණු

  1. Browsers මගින් සෑම Heading 1කටම පෙර හා පසු ව ස්වයංක්‍රීයවම හිස් අවකාශයක් එකතු කෙරේ.
  2. Headings නිරූපණය කිරීම සඳහා පමණක් HTML Heading Tags භාවිතා කරන්න​. වගන්ති විශාල කර පෙන්වීමට හෝ Bold කර පෙන්වීම ආදිය සඳහා Heading Tags භාවිතයෙන් වළකින්න​.
  3. සෙවුම් යන්ත්‍ර (Search Engine) ඔබගේ වෙබ් පිටුවල ව්‍යුහය හා අන්තර්ගතය පෙළගැස්වීම සඳහා Headings භාවිතා කරයි.
  4. පාඨකයන් ඔබගේ වෙබ් පිටු Headings හරහා උඩින් උඩින් කියවා ගෙන යාමට පෙළඹිය හැකි නිසා ලිපියේ ව්‍යුහය පෙන්වීමට Heading භාවිතා කිරීම වැදගත්‍ ය​.

HTML Lines

<hr> Tag 1 මගින් වෙබ් පිටුවේ තිරස් රේඛාවක් නිර්මාණය කළ හැක​. වෙබ් පිටුවේ අන්තර්ගතය කොටස් වලට වෙන් කිරීම සඳහා <hr> Element 1 භාවිතා කළ හැක​.

HTML Comments

HTML කේතයක් (Code) කියවා අවබෝධ කර ගැනීම පහසු කරවීම පිණිස එතුළට Comments අතුළත් කළ හැක​. Brovsers මගින් Comments නොසලකා හරිනු ලැබේ. Comments පහත දැක්වෙන පරිදි ලියනු ලැබේ. උදාහරණ – <!– This is a comment –> html5 {flike}

You may also like

7 – HTML Head
6 – HTML Links
5– HTML Formatting