Adobe After Effects

Adobe After Effects යනු motion graphics නිර්මාණය සඳහා යොදාගත හැකි Adobe සමාගම විසින් ඉදිරිපත් කරනලද මෘදුකාංගයකි මෙම මෘදුකාංගය භාවිතා කරන්නන්ට ප්‍රධාන වශයෙන් විවිධ අංග 2d හා 3d අවකාශයේ සජීවීකරණය කිරීමේ පහසුකම ඇතුළු පහසුකම් රැසක් සලසා දී ඇති අතර ඒ සඳහා අන්තර්ගත උපාංග මෙන්ම තෙවන පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන plugins බොහෝමයක් ඇත. චිත්‍රපට හා ටෙලි නිර්මාණකරණයේදී පසු නිර්මාණකරන ක්‍රියාවලීන් සඳහා මෙම මෘදුකාංගය ප්‍රධාන වශයෙන් යොදා ගැනේ. පහත පැහැදිළි කිරීම් After Effects CS4 සංස්කරණය පදනම් කරගනිමින් ඉදිරිපත් කර ඇති නමුත් අනෙකුත් සංස්කරණ සමඟද මෙම පියවරයන් ම සුළු වෙනස්කම් පමණක් සහිතව අනුගමනය කළ හැකිය.After Effects ඉගෙන ගැනීමේ ප්‍රථම පියවර වශයෙන් එහි අතුරු මුහුණත (Interface) එක දෙස අවධානය යොමු කර බලමු. Project After Effects වල project file එක ප්‍රධාන ලිපි ගොනුව ලෙස සැලකිය හැක. ඔබ අලුත් project එකක් ආරම්භ කරන සැමවිටම අලුත් project file එකක් නිර්මාණය වන අතර එයට ඔබේ project එකට අදාළ සියලුම සම්පත් වලට අදාළ references රඳවා ගැනීමේ හැකියාවෙන් සමන්විත වේ. project file එකක file extension එක aep වේ. Footage Footage එකක් යනු ඔබගේ project එකට import කරනලද සියලුම ආකාරවල media files(images , video clips or audio clips) වේ . Composition මෙය after effects වල යොදා ගනු ලබන canvas එකක් ලෙස අප හට සැලකිය හැක. ඔබ අලුත් composition එකක් නිර්මාණය කරන සැමවිටම ඔබ හට ඔබගේ video එකේ ප්‍රමාණය(pixel වලින්) , frame rate එක වැනි දේවල් සඳහා අගයන් ලබාදීමේ පහසුකම ඔබට ලබාදෙනු ලැබේ.මෙහි අතුරු මුහුණතෙහි මූලික panel කිහිපයක් ඇත.

1) project tab 2) composition tab 3) timeline 4) toolbar

The project tab මෙම පැනලය ඔබේ තිරයේ වම් කෙලවරේ දැක ගත හැක. මෙමගින් ඔබ Current project එකෙහි එනම් දෛනික ව්‍යාපෘතියෙහි නම, එය සඳහා යොදා ගන්න ලද අනෙකුත් files වල තොරතුරු පෙන්වනු ලැබී. The composition tab මෙය ඔබගේ ප්‍රධාන workspace එක ලෙස සැලකිය හැක. මෙම tab එකේ composition එකක් තුල ඔබගේ video එක හෝ වෙනත් ඕනෑම footage එකක් පෙන්වනු ලැබේ. මෙහි bottom එකෙහි buttons කිහිපයක් දක්නට ඇත .
  • මෙහි වම් කෙළවරෙහි composition එකෙන් zoom-in හෝ zoom-out වීමට ඉඩ ප්‍රස්ථාව ලබාදේ.
  • තවද මෙහි ඇති current time indicator එක මගින් කාලයට අදාල දත්ත පෙන්වනු ලැබේ .
  • තවද මෙහි ඔබට “full” යන නමින් දක්නට ඇති menu එකක් දැක ගත හැක. මෙමගින් මූලික වශයෙන් ඔබගේ video එකÂ දර්ශනය වන resolutionවෙනස් කල හැක. මෙහි half , third සහ quarter යන විකල්පයන් ඔබට තෝරාගත හැක. අඩු resolution වෙඅගයෙන් preview හෙවත් පූර්ව දර්ශනය වන අතර වැඩි resolution වලින් හෙබි projects අඩු වේගයකින් preview වේ.
The timeline සෑම composition එකකටම වෙනම timeline එකක් ඔබට timeline tab එකෙහි දක්නට ඇත . මෙය Photoshop වල layer palette එකට සමානකමක් දක්වනු ලැබේ . මෙම tab එක මගින් composition එකට අදාළ layers සියල්ල පෙන්වනු ලැබේ .Timeline එකෙහි buttons කිහිපයක්ම ඔබට දැක ගත හැක.එම buttonsසියල්ලන්ගේම කාර්යයන් එකවර ඉගෙන ගත හැකි නම් එය ඔබට මහත් ඇත වැලක්වනු නිසැකය. නමුත් ආධුනිකයන් වශයෙන් මෙහිදී මෙයට අදාළ ප්‍රධාන කොටස් කිහිපයක් ගැන පමණක් සළකා බලමු.
  • layer එකක නම වෙනස් කිරීම , මුලින්ම timeline එකෙහි එහි නම select කරන්න. ඉන්පසුව enter key එක ඔබන්න. එවිට නම උඩ highlight වනු ඇති අතර ඔබට එහි නම වෙනස් කර ගැනීමේ ඉඩ ප්‍රස්ථාව ලබාදේ .
  • video එකක දැන් paly වන frame එක වෙනස් කිරීමට, timeline එක මත ඇති නිල් පැහැතිplay head එක click කර drag කරන්න.
The toolbar After effects වල දක්නට ඇති toolbar එක Photoshop වල දක්නට ඇති toolbar එකට සමානකමක් දැක්වුවත් Photoshop වල තරම් tools මෙහි දක්නට නැත.
  • The arrow tool= after effects වල බහුලවම භාවිතා කරන tool එක ලෙස මෙය සැලකිය හැක. Composition video එකක ඇති footages select කිරීමටmove කිරීමට වැනි දේ සනහා මෙය යොදා ගත හැක.
  • The hand tool = මෙය ඔබගේ composition එකේ composition window එක තුල විවිධ තැන් වලට move කිරීම සඳහා යොදා ගත හැක.
  • The zoom tool = ඔබ නිර්මාණය කරන ලද composition එක zoom කිරීමේ පහසුකම මෙමගින් ඔබට ලබාදේ.
  • The rotation tool = ඔබගේ project එකට අදාළ layers composition window එකෙහි rotate කිරීමේ පහසුකම ඔබ හට මෙමගින් ලබාදේ.
  • The unified cam tool = ඔබ භාවිතා කරන camera එක zoom කිරීමට rotate කිරීමට වැනි දේ මෙමගින් ඔබට සිදු කල හැක.
  • The pan tool = panning කිරීම සඳහා මෙය ඔබට වැදගත් tool එකකි.
  • The rectangular tool = මෙය rectangular tool එක ලෙස හැඳින්වුවත් මෙය යොදා ගනිමින් ඔබට eclipse එකක් polygon එකක් වැනි හැඩතල වර්ග කිහිපයක් ඔබට ඇද ගත හැක.
  • The pen tool = මෙම tool එක Photoshop වලත් දැක ගත හැකි අතර masking වලදී මෙය වැදගත් වේ .
  • The text tool = ඔබගේ composition එක මතට text box එකක් අන්තර්ගත කිරීමට මෙම tool එක යොදා ගත හැක.
  • The brush tool = මෙම tool එක ඔබගේ layer එකක් paint කිරීමට යොදා ගත හැක.
  • The clone tool = මෙයද එක්තරා ආකාරයක painting tool එකක් වුවත් මෙය සාමාන්‍ය painting tool එකකට වැඩ වෙනස්ය.
  • The erase tool = මෙය ඔබගේ composition එක මත ඇති layer වල විවධ දේවල් මකා දැමීමට යොදා ගත හැක.
{flike}

You may also like

Adobe Illustrator – 01
Photoshop – 04
Photoshop – 03