Adobe Illustrator ප්රවේශය…

ග්රැෆික් ඩිසයිනිං හෙවත් රූපක පිරිමැවුම් වලට පරිඝණක ආශ්රිත ප්රකාශන ක්රියාවලියේදී වැදගත් ස්ථානයක් හිමිවෙනවා. එහිදී සිතුවම් හා රූ සටහන් ආශ්රිත නිර්මාණ කරන්න යොදාගන්න පුලුවන්. ප්රබල පැකේජ් එකක් තමා Adobe Illustrator කියන්නෙ. ප්රින්ටින් වලට විතරක් නෙවේ බහුමාධ්ය හෝ internet,e-mail මාධ්ය වගේ සජීවී ප්රකාශන වලට ග්රැෆික් නිර්මාණය කරන්නත් Adobe Illustrator පාවිච්චි කරන්න පුලුවන්. මොනතරම් බලවත් computer ඇප්ලිකේශන් එකක් වුනත් ඉලස්ට්රේටර් ගැන ඉගෙනගන්න එක කිසිසේත්ම අමාරු දෙයක් නෙවෙයි. අනිත් බොහෝමයක් ඇප්ලිකේශන් වගෙම ඇඩෝබි ඉලස්ට්රේටර් කියන්නෙත් graphical user interface සහිත ඇප්ලිකේශන් එකක්. ඒ කියන්නෙ ඉලස්ට්රේටර් වල තියෙන හැම විශේෂාංගයක්ම හා හැම ක්රියාකාරකමක්ම mouse එකක් හෝ keyboard shortcut පාවිච්චි කරලා ඉලස්ට්රේටර් window එකේම ලබාගන්න පුලුවන් කියන එක. හැමදේකටම කලින් මුලින්ම අපි කරන්න ඕන ඇඩෝබි ඉලස්ට්රේටර් පැකේජ් එක install කරගන්න එක. ඒක සාමාන්ය software එකක් install කරගන්න විදිහටම කරගන්න පුලුවන්. ඇඩෝබි ඉලස්ට්රේටර් පරිඝණකයට install කරගත්තට පස්සෙ අපට පුලුවන් ග්රැෆික් ඩිසයිනිං ලෝකයට අපේම නිර්මාණාත්මක හැකියාවෙන් අලුත් දේවල් කරන්න පලවෙනි පියවර තියන්න.

You may also like

After Effects – 01
Photoshop – 04
Photoshop – 03