Move Tool භාවිතා කිරීම

මෙය භාවිතා වන ප්‍රධාන අවස්ථා කීපයකි ❃ object එකක් select කර ගැනීම ❃ එසේ තෝරා ගත් රූපයක් එහා මෙහා ගෙන යාම ❃ රූපයක් කැන්වසය මතට ගෙන්වා ගැනීම ❃ රූපයක පිටපතක්(copy) ලබා ගැනීම ❖ඕනෑම tool එකක සිට move tool එක භාවිතා කිරීමට ctrl යතුර භාවිතා කළ හැක. ❖රූපයක පිටපතක් ලබා ගැනීම සලකන විට එය සිදුකරන්නේ කිසියම ලේයරයක සිට යතුරු පුවරුවේ alt යතුර සමඟ drag කල විට එහි පිටපතක් නව ලේයරයක් වශයෙන් ලැබේ.  

Move Tool Options

1◈ මෙහි දැක්වෙන move tool හි සළකුණ right click කළ විට reset tool හා reset all tools යනුවෙන් මෙනුවක් ලැබේ. photoshop මෘදුකාංගය වරක් භාවිතා කර නැවතත් අළුත් ගොනුවක් ලෙසින් විවෘත කළද කලින් භාවිතයේදි මෙහි ඇති tools වලට කරන ලද වෙනස් කම් ඒ ආකාරයෙන්ම පවතී. එබැවින් අළුතින් භාවිතා කරන විට එම tools තිබුනු තත්වයටම පත් කර ගැනීමට මෙම පහසුකම සළසා දී ඇත. මෙහි ඇති reset tool මගින් දැනට භාවිතා කරන tool එක පමණක්ද reset all tools මගින් සියළුම tools ද එහි මුල් තත්වයට පත් කර ගත හැක. photoshop භාවිතා කරන්නෙක් හැටියට නිර්මාණයක් ආරම්භයට ප්‍රථමයෙන් මේ ආකාරයට tool reset කර ගැනීම වඩා උචිත වේ. 2◈ අප සඳහන් කළ පරිදි මෙම move tool එක selecting සහ moving යන ක්‍රියාවලි 2ටම භාවිතා වේ. එබැවින් සාමාන්‍යය භාවිතයේදී යමක් select කිරීමට ctrl යතුර සමග අවශ්‍යය ලේයරය click කළ යුතුය. නමුත් අපට කෙලින්ම select කිරීම කල යුතුනම් මෙම Auto-Select යන්න active කළ යුතුයි. 3◈ මෙම drop down මෙනුවේ අංග 2ක් සහිත වේ. Group හා Layer යනු එම කොටස් 2යි. අපි නිර්මාණයක් කිරිමේදී විවිධ layers භාවිතා කිරීමට සිදුවේ. එම layers අපට group වශයෙන් තබා ගත හැක. අප කැන්වසය මත ඇති කිසියම් දෙයක් select කිරීමේදී තෝරා ගත යුත්තේ එය group එකක ඇත්නම් එම group එකද නැතිනම් ලේයරය පමණක්ද යන්න මෙමගින් වෙනස් කළ හැක. 4◈ මෙමගින් සිදු කරන්නේ අපි විසින් තෝරා ගන්නා object එකක් වටේ ඇති bounding box එක පෙන්වීම හෝ නැති කිරීම පාලනය කිරීමයි. සාමාන්‍යය භාවිතයේදී අපට select -> free transform (ctrl + T) භාවිතා කර මෙම transform controls ලබා ගත යුතු වේ. 5 – 10 දක්වා පෙන්නුම් කර ඇති විකල්ප භාවිතා කිරීමට ඔබට අවම වශයෙන් layers 2ක් වත් තිබිය යුතුය. ඒවායින් කිසියම් ලේයර කීපයක් පෙළගැස්වීම සඳහා භාවිතා කරනු ලබයි. (aligning)දැන් මේවා භාවිතා කරන ආකාරය බලමු. මුලින්ම අළුත් පිටුවක් ලබා ගන්න. දැන් අලුත් layer එකක් ලබා ගන්න මීලඟට අපට භාවිතා කිරීමට රූපයක් නිර්මාණය කර ගත යුතුයි.මේ සඳහා tool box එකෙහි ඇති rectangular tool එක භාවිතා කරමු.එම tool එක තෝරාගෙන එහි options වල රූපයේ පෙන්වා ඇති විකල්පය තෝරා ගන්න. දැන් අප අළුතින් ලබා ගත් ලේයරය තෝරගෙන කැන්වසය මත සෘජූකෝණාස්‍රයක් නිර්මාණය කරන්න. ඒ ආකාරයටම තවත් ලේයරයක් ලබාගෙන පෙර නිර්මාණය කළ සෘජුකෝණාස්‍රයට වඩා විශාලත්වයෙන් වෙනස් සෘජුකෝණාස්‍රයක් නිර්මාණය කරන්න. දැන් මෙම ලේයර දෙකම තෝරා ගත යුතුයි. ඒ සඳහා එක් ලේයරයක් තෝරාගෙන ctrl යතුර සමග අනිත් ලේයරයේ නම මත click කරන්න. ඉන්පසු අපි විසින් තෝරා ගන්නා ලද ලේයර දෙකට 5-10 දක්වා පෙන්වා දී ඇති වෙනස් කම් කර බලන්න. 5◈ලේයර දෙකෙහි ඉහල දාරයන් එකම තිරස් මට්ටමට ගෙන එනු ලබයි 6◈ලේයර වල මධ්‍යය ලක්ෂයන් සමාන තිරස් මට්ටමක් කරා ගෙන එයි. 7◈ලේයරන්හි පහත මට්ටම් එකම තිරස් තලයකට ගෙන එනු ලබයි. 8◈මෙමඟින් ලේයර වල වම් අක්ශය එකම සිරස් මට්ටමක පිහිටුවයි. 9◈මෙහිදී ලේයර වල මධ්‍යය ලක්ෂයන් එකම සිරස් තලයකට ගෙන එයි. 10◈ලේයර වල දකුණු අක්ශය සිරස්ව එකම මට්ටමකට ගෙන එයි. 11-13◈ මෙම option මඟින්ද ඉහත සඳහන් කළ ආකාරයේම ක්‍රියාවක් සිදු කරනු ලබනවා. ඒවා භාවිතා කිරීමට object 2කට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍යය වන අතර පෙරදී සඳහන් කළ ආකාරයට තවත් රූපයක් මේ සඳහා නිර්මාණය කර ගන්න. දැන් එම රූප 3නම select කර 11-16 දක්වා පෙන්වා කර ඇති වෙනස් කම් කර බලන්න. පහත පරිදි වෙනස් වීම් ඔබට දැක බලා ගත හැක. 11◈ මෙමඟින් එම රූපවල ඉහළ අක්ශයන් අතර පරතරය සමාන කරගනු ලබයි. එය සිදු කරනු ලබන්නේ ඉහළම හා පහළම රූපයන්ගේ පරතරයට අනුරූපව ඒවා අතර පවතින් රූප සමබර කර ගැනීමකි. මෙයට සමාන ක්‍රීයවන් අනෙකුත් විකල්ප මඟින් සිදු කරයි. 12◈ රූපය්න්ගේ මධ්‍ය ලක්ෂයන්ගේ පරතරයන් සමාන කිරීම මේ තුලින් සිදුකරයි. 13◈ ඒ ආකාරයටම පහළ අක්ශයන්ගේ පරතරයන් සමාන කිරීම මෙහි අරමුණයි. 11,12,13 යන විකල්පයන්ගෙන් රූප වල තිරස් පරතරයන් පාලනය කෙරුනු අතර ඉතිරි option භාවිතා කර එහි සිරස් පරතරයන් පාලනය කරයි. 14◈ රූපයන්ගේ වම් පස අක්ෂයන්ගේ පරතරය සමාන කරයි. 15◈ රූප වල මධ්‍ය ලක්ෂ සමබර කරයි. 16◈ මෙයින් දකුණු පස අක්ෂ පිළියෙල කරයි. {flike}

You may also like

After Effects – 01
Adobe Illustrator – 01
Photoshop – 03