New Document

photoshop භාවිතයෙන් නිර්මාණ කිරීම ආරම්භ කිරීමට ප්‍රථම යම් දෙයක් දැනගත යුතුය. photoshop යනු raster graphic මාදිලියට අයත් මෘදුකාංගයකි . එනම් photoshop වලදී කරන නිර්මාණයක quality එක හා ප්‍රමාණය තීරණය වන්නේ එහි ඇති pixel ප්‍රමාණය මතය. pixel එකක් යනු තනි වර්ණයක් සහිත කුඩා තිතකි. යම් පිත්තූරක් විශාල කර බලන විට කොටු කොටු ලෙස පෙනෙන්නේ එහි සම්මත ප්‍රමාණයට වඩා විශාල කිරීමේදී pixel ද විශාල වී පෙනෙන නිසාය. නමුත් photoshop වලින් නිර්මාණයක් කිරීමේදී අනවශ්‍ය ලෙස විශාල pixel අගයක් යොදා ගැනීම නිසා photoshop මෘදුකාංගය slow වීම හා ram එකට දරා ගත නොහැකි වීමෙන් පරිගණකය stuck වීම සිදු විය හැක. එමෙන්ම pixel අගය වැඩි වීමෙන් සාදන නිර්මාණය සඳහා hard disk එකෙන් වැය වන ඉඩ ප්‍රමාණයද විශාල වේ.
photoshop භාවිතයෙන් යම් නිර්මාණයක් සිදු කිරීමේදී සියල්ල සිදු කළ යුත්තේ කැන්වසයක් තුලය. menu bar එකේ file > new තේරීම මගින් (හෝ ctrl + N ) කැන්වසයක් සාදා ගත හැකි අතර, ජායාරූපයක් විවෘත කර ගන්නේ නම් එම ජායාරූපයේ ප්‍රමාණයට අදාලව කැන්වසයක් සෑදේ. file > open තේරීම මගින් (හෝ ctrl + O ) ජායාරූපයක් විවෘත කරගැනීම සිදු කරගත හැක. නව කැන්වසයක් සාදා ගැනීමේදී පහත පරිදි dialog box එකක් විවෘත වේ.   1. Name – අප සිදු කරන නිර්මාණය සඳහා නමක් ලබා දිය හැක. 2. Preset – කලින් සකසා ඇති කැන්වස් ප්‍රමාණ සහිත list එකකි. එහි එකක් තෝරා ගත් විට එයට යටින් ඇති size යන්න සක්‍රීය වේ. එහි තවත් ප්‍රමාණ සැකසුම් ගණනාවක් දැකගත හැකිය. 3. Width and Height – කැන්වසයේ දිග, පළල ලබා දිය හැක. preset මගින් තේරීමක් කළ විට එයට අනුව දිග, පළල වෙනස් වන අතර අපට කැමති අගයක් මේ සඳහා දිය හැක. එය pixel, inches, cm, mm වැනි විවිධ මිනුම් යටතේ දිය හැක. සාමාන්‍ය භාවිතය සඳහා pixel මිනුම භාවිතා කිරීම සුදුසුය. photoshop පුහුණු වීම සඳහා භාවිතයේදී දිග pixel 1024ක් හා පළල pixel 768ක් පමණ යොදා ගන්න. 4. Resolution – යම් පින්තූරක් print වීමේදී එය print වන්නේ කුඩ තිත් ලෙසය. මෙය dot (pixel) එකක් ලෙස හඳුන්වයි. පින්තූරයක් print කිරීමේදී එහි ඇති dots ප්‍රමාණය මත එහි ගුණත්වය රඳා පවතී. මෙය මනිනු ලබන්නේ dpi හෙවත් dots per inches ලෙසය. මෙය විශාල අගයක් ලබා දීමෙන් පින්තූරයේ ගුණත්වය වැඩි වුවද photoshop මෘදුකාංගය slow විය හැක. එම නිසා සාමාන්‍ය භාවිතයේදී මෙය 72 – 300 අතර pixel/inch අගයක් ලබා දීම සුදුසුය. 5. Color Mode – පින්තූරයක වර්ණ ගණනාවක් දැකිය හැකි වුවත් ඒ සියල්ලට පාදක වන්නේ වර්ණ කීපයකි. පින්තූරය සඳහා පාදක කරගන්නා වර්ණ සංකලනය color mode ලෙස හඳුන්වයි. මෙය RGB ලෙස තේරූ විට පින්තූරය සඳහා රතු, කොළ, නිල් වර්ණ පාදක වෙයි. print නොකර පරිගණක තිර මගින් දැකීම සඳහා සාදන නිර්මාණ සඳහා මෙම color mode එක සුදුසු වේ. CMYK සුදුසු වන්නේ print කිරීම සඳහා සකසන සංස්කරණයන්ටයි. grayscale තේරූ විට පින්තූරයට පාදක වන්නේ කලු, සුදු වර්ණ පමණි. print කිරීමට සකසන නිර්මාණ සඳහාද එම සැකසුම යොදා ගත හැක. 6. Bit Depth – වර්ණ ත්‍රීවතාවයයි. මෙම අගය 8 bit හා 16 bit ලෙස සැකසුම් දෙකක් යටතේ ලබා දිය හැක. අගය වැඩි වන තරමට නිර්මාණයේ quality එක වැඩි වේ. 7. Background Contents – සාදාගන්නා නව කැන්වසයේ background එක කෙලෙස විය යුතුදැයි තේරිය හැක, සාමාන්‍ය සැකසුම සුදු පැහැය වන අතර අවශ්‍ය නම් කැමති වර්ණයක් හෝ transparent ලෙස යෙදිය හැක. icon එකක් වැනි දෙයක් නිර්මාණයේදී transparent ලෙස තෝරාගැනීම සුදුසුය. 8. Image Size – නව කැන්වසය සඳහා අප කරන සැකසුම් අනුව එය save වීම සඳහා hard disk එකෙන් වැය වන ඉඩ ප්‍රමාණය පෙන්වයි. නව කැන්වසයක් සඳහා විශාල අගයන් භාවිතා කළහොත් මෙම අගය giga byte ගණනාවක් විය හැක. එවැනි කැන්වසයක වැඩ කිරීම මගින් පරිගනකය slow විය හැක. 9. Save/Delete Preset – අපට කැමති අගයන් ලබා දෙමින් කළ සැකසුම save කළ හැක. එවිට එය preset list එකෙහි දැකගත හැක. සියල්ල සකසා අවසානයේ ok button එක press කළ විට නව කැන්වසය විවෘත වේ. අපගේ නිර්මාණය එය තුළ සිදු කර ගත හැක.

photoshop තුලට රූපයක් ලබා ගැනීම

photoshop මෘදුකාංගය වෙතට රූපයක් ගෙන්වා ගැනීමේ ක්‍රම කීපයක්ම භාවිතා වන අතර ඒවා පිළිබඳ අධ්‍යයනයක් කිරීමට මෙම කොටසින් බලාපොරොත්තුවයි. මෙහිදී සැළකිල්ලට ගතයුතු ප්‍රධාන දෙයක් වන්නේ අප මෙම රූපයෙහි වෙනස් කම් කරන්නේ එය මත සිටමද නැතිනම් නව පිටුවකට මෙම රූපය ගෙන්වාගෙනද යන්නය. උදාහරණයක් ලෙස ඡායාරූපයක ආලෝක තත්වයන් වෙනස් කර ගැනීමට එඅය නව පිටුවකට ගෙන ඒමේ අවශ්‍යයතාවයක් නැත. එවැනි අවස්ථාවලදී රූපය විවෘත කර ගැනීම පමණක් ප්‍රමාණවත් වේ.

• රූපයක් විවෘත කර ගැනීම

1) file -> open (ctrl+O) භාව්තා කළ හැක. 2) photoshop window එක minimize තමාට අවශ්‍යය රූපය ඇති ස්ථානයට ගොස් එය drag කර minimize වී ඇති (task bar මත) photoshop කවුළුව මතට ගෙන ආ හැක.

• නව පිටුවක් තුලට රූපය ගෙන්වා ගැනීම

මුලින්ම නව ලිපියක් විවෘත කර ගත යුතුයි. මේ සඳහා file -> new හෝ ctrl + N භාවිතා කළ හැක. photoshop හි වැඩ කිරීමේදී හැකි සෑම අවස්ථාවකදීම කෙටි ක්‍රම (short cuts) මගින් අවශ්‍යය විධාන ලබා දීම මෙහිදී කරනු ලබන ක්‍රියාවන් සඳහා බෙහෙවින් උපකාරී වනු ඇත. දැන් පෙර පියවරෙහිදී කළ ආකාරයට රූපය විවෘත කර ගන්න. දැන් එම window එක restore කර ගන්න. ඉන්පසු move tool එක ගෙන රූපය අළුතින් විවෘත කර ගත් පිටුවට drag කරන්න. මෙහිදී shift key එක සමග රූපය drag කලවිට අලූත් පිටුවේ හරි මැදට එය ලබා ගත හැක. මේ ක්‍රමයට අමතරව භාවිතා වන තවත් ක්‍රමයක් ලෙස place විධානය සැළකිය හැක. මේ සඳහා file -> place භාවිතා කළ හැක. මෙම ක්‍රමයටද මුලින්ම අළුත් පිටුවක් විවෘත කරගෙන තිබිය යුතුයි. place කිරීම තුළින් ලබා ගන්නා රූප smart object එකක් ලෙස ක්‍රියා කරයි. එය බරින් වැඩිවන බැවින් අපගේ ගොනුවේ විශාලත්වය වැඩි කරයි. photoshop වලට නවකයෙක් හැටියට මුල් ක්‍රමය භාවිතා කිරීම වඩා යෝග්‍යය වන බව මාගේ මතයයි. මේ ආකාරයෙන් දැන් ඔබට අවශ්‍යය ලෙස රූපයක් කැන්වසය මතට ගෙන්වා ගත හැක. තව ද මෙම ලිපියට පාදක කරගෙන ඇත්තේ photoshop cs3 නිකුත් කිරීම වන අතර සමහර අවස්ථාවන්හිදී කුඩා වෙනස් කම් ඇති වීමට ඉඩ ඇත. {flike}

You may also like

After Effects – 01
Adobe Illustrator – 01
Photoshop – 04