HTML Elements සහ​ Attributes

HTML Elements

HTML Tags සහ​ HTML Elements යන පද 2න්ම විස්තර වනුයේ එකම දෙයකි. නමුත් හරියටම විස්තර කරනවා නම් HTML Element 1ක් යනු Tags ද අතුලුව Starting Tags 1 සහ End Tag 1 අතර අන්තර්ගත සියල්ලයි. සමහර HTML Elements වල අන්තර්ගතයක් නොමැති අතර ඒවා Starting Tag 1 තුළම සංවෘත කරයි. බොහොමයක් HTML Elements ඒවා පිළිඹඳ අමතර තොරතුරු ලබා දෙන Attributes දරයි.  

Nested HTML Elements

බොහොමයක් HTML Elements තුළ තවත් HTML Elements අඩංගු විය හැක​. එසේ තවත් HTML Elements අන්තර්ගත HTML Elements සඳහා Nested HTML Elements යන ‍ව්‍යවහාරය යෙදේ. උදාහරණ – මෙම උදාහරණය සැලකීමේ දී එහි HTML Elements 3ක් අඩංගු වේ. <html>,<body> හා <p> යනු එම 3යි. ඒවායේ අන්තර්ගතය සලකන විට <body> Element 1 තුළ <p> Element 1ක් ද <html> Element 1 තුළ <body> හා <p> Elements ද අඩංගු වේ. එනම් මෙහි <p> සාමාන්‍ය HTML Elements 1ක් වන අතර <html> හා <body> යන 2 Nested HTML Elements වේ.

Empty HTML Elements

අන්තර්ගතයක් රහිත HTML Elements සඳහා Empty HTML Elements යන ව්‍යවහාරය යෙදේ. වෙබ් පිටුවට අලුත් ඡේදයක් ඇතුළු කරන <p> 1 මේ සඳහා උදාහරණයකි. මේවා Starting Tag 1 තුළම ඇල ඉරක් යෙදීමෙන් සංවෘත කරනු ලැබේ. උදාහරණ – </p>

වැදගත් කරුණු

1. End Tag 1 අමතක නොකරන්න​ End Tag 1 අනිවාර්‍ය ලෙස නොසලකන බැවින් බොහොමයක් Browsers මගින් End Tag 1 රහිතව වුවද HTML Elements හරියාකාරව ප්‍රදර්ශනය කරනු අැත​. නමුත් මේ පිළිඹඳ නිතරම විශ්වාසය තැබීමෙන් වළකින්න​. සමහර HTML Elements මගින් End Tag 1 අමතක වූ විට නොසිතූ ප්‍රථිඵල ලබාදිය හැක​. 2. Lowercase Tags භාවිතා කරන්න​ HTML Tags සඳහා Capital, Simple භේදයක් නොමැත​. <P> හා <p> යන 2ම HTML හීදී එක හා සමානය​. නමුත් World Wide Web Consortium (W3C) මගින් HTML 4 සඳහා නිර්දේශ කර ඇත්තේ Lowercase Tags ය​.

HTML Attributes

HTML Elements වලට Attributes දැරිය හැක​. Attributes මගින් Element 1 පිළිඹඳව අමතර තොරතුරු ඉදිරිපත් කරයි. Attributes සෑම විටම Starting Tag 1 තුළ නිරූපණය කරයි. Attributes ඉදිරිපත් කරනුයේ name=”value” ආකාරයට නම හා අගය දැක්වෙන යුගල වශයෙනි. මෙහිදී values සෑම විටම ” ” තුල දැක්විය යුතුය​. උදාහරණ – <a href=”http://www.google.com”> Google </a> මෙම උදාහරණයෙන් ඉදිරිපත් කර අත්තේ වෙබ් පිටුවට Link 1ක් ඇතුළු කරන <a> Element 1යි. මෙහි href යනු Attribute 1ක් වන අතර http://www.google.com යනු එහි value 1යි. Attributes අතර සමහර Attributes බොහොමයක් Elements වලට පොදු වන අතර ඒ ඒ Elements සඳහා විශේෂිත වූ Attributes ද දක්නට ඇත​. පහත දැක්වෙන Attributes කිහිපය බොහොමයක් Elements වලට පොදු වේ. {flike}

You may also like

7 – HTML Head
6 – HTML Links
5– HTML Formatting