HTML යනු

HTML යනු වෙබ් පිටු නිර්මාණය සඳහා ඇති භාෂාවකි. HTML යන්නෙන් අදහස් කෙරෙන්නේ Hyper Text Markup Language යන්නයි. එනම් මෙය පරිඝනක වැඩසටහන් සම්පාදක භාෂාවක් (Programming Language) නොව Markup language 1කි. මෙය තහවුරු වන ප්‍රධාන සාධකයක් වන්නේ HTML යොදා ගනිමින් ගණීතමය ප්‍රකාශන සුලු කල නොහැකි වීමයි. Markup Language 1ක් යනු HTML Tags රාශියක එකතුවකි. මෙම Tags මගින් HTML ලේඛනයක අන්තර්ගතය පෙන්වා දෙයි. සාමාන්‍ය HTML ලේඛනයක් HTML Tags වලින් සහ සාමාන්‍ය වගන්ති වලින් සමන්විත වෙයි.ඇතම් තැනක වෙබ් පිටු ලෙස හැඳින්වෙන්නේ HTML ලේඛනයන්මය​.  

HTML Tags

HTML Markup Tags සාමාන්‍යයෙන් HTML Tags ලෙස හඳුන්වයි. HTML Tags යනු කෝණ වරහන් තුල දක්වනු ලබන භාෂාවේ මූලික පදයන්‍ ය​ (Keywords). HTML Tags සාමාන්‍යයෙන් පවතින්නේ යුගල වශයෙනි (උදා :- <b> and </b>). මෙම යුගලයෙන් පලමු Tag 1 Starting Tag හෙවත් Opening Tag ලෙස හඳුන්වන අතර දෙවන Tag 1 End Tag හෙවත් Closing Tag ලෙස හඳුන්වයි. මේ දෙක අතර ප්‍රධාන වෙනස්කම වන්නේ Closing Tag 1 තුළ අන්තර්ගත වන ඇල ඉර සංඛෙතයයි (“/”).

Web Browsers

Web Browser ක කාර්‍ය වන්නේ HTML ලේඛන තේරුම් ගෙන ඒවා වෙබ් පිටු ලෙස ඉදිරිපත් කිරීමයි. මෙහිදී Browser 1 මගින් HTML Tags ප්‍රදර්ශනය නොකරන අතර පිටුවේ අන්තර්ගතය තේරුම් ගැනීමට Tags භාවිතා කරයි.

HTML Page Structure

HTML පිටුවක් ආරම්භ වනුයේ <html> Tag එකෙනි. එනම් <html> හා </html> Tags අතර අඩංගු සියල්ල HTML පිටුවක් වේ. HTML පිටුවක ප්‍රධාන කොටස් 2කි. ඒ Head හා Body වශයෙනි. මෙහි Head කොටසේ එනම් <head> හා </html> අතර වෙබ් පිටුව පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර Body කොටසේ එනම් <body> හා </body> අතර වෙබ් පිටුවේ අන්තර්ගතය අඩංගු වේ.

HTML Versions

වෙබ් තාක්‍ෂණයේ ආරම්භක අවධියේ සිටම හි කිහිපයක් දක්නට තිබුනි.

HTML Editors

HTML යොදා ගනිමින් වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා Adobe Dreamweaver, Microsoft Expression Web, CoffeeCup HTML Editor වැනි වෘත්තීයමය මෘදුකාංග භාවිතා කළ හැක​. නමුත් HTML ඉගෙන ගැනීමේදී Notepad වැනි සරල වගන්ති සංස්කාරක මෘදුකාංගයක් (Text Editor) භාවිතා කිරීම ඵලදායී ඉගෙනුම් මාර්ගයක් ලෙස නිර්දේශිතය​. මෙහිදී කළ යුත්තේ HTML කේතය (Code 1) Notepad 1 තුළ ටයිප් කර .html හා .htm යන File Extension 2න් 1ක් ලෙස Save කිරීමයි. ඉන්පසු එය Browser 1 යොදා ගනිමින් විවෘත කළ විට Tags රහිතව අපගේ වෙබ් පිටුව දැකගත හැක​.

You may also like

7 – HTML Head
6 – HTML Links
5– HTML Formatting