Python මුලසිටසරලව… අද පටන් ඇරඹෙන python පරිගණක භාෂාව පිළිබදව වු පාඩම් මලාව විශේෂයෙන්ම, පරිගණක ක්‍රමලේඛනය සදහා ප්‍රවිෂ්ට වන්නෙකු හට ඉතාමත්ම වැදගත්වේ. එසේ නම් අද අපි Python හි ඇති විශේෂතා සහ එය Download කරගෙන Install කර ගන්නා ආකාරය විමසා බලමු.

Python – Overview

Python යනු high-level, interpreted, interactive සහ object oriented-scripting language එකකි. මුලින්ම අපි බලමු scripting language එකක් කියන්නෙ මොකක්ද කියලා. Compile කිරීමකින් තොරව source code එක run කල හැකි පරිගණක භාෂාවන් ඇති අතර එවැනි පරිගණක භාෂාවන්  scripting language ලෙස සරලව හැදින් විය හැක. අපි ආයෙත් python දිහාවට හැරුනොත්, 80 දශකය අග භාගයේ සහ 90 දශකයේ මුල භාගය අතර කාලයෙදී Guido van Rossum විසින් නිර්මාණය කරන ලද මෙම ක්‍රමලේඛන භාෂාව GNU General Public License (GPL) එක යටතේ භාවිතා කල හැකි අතර අවශ්‍ය කෙනෙකුට මෙහි මූලාශ්‍ර කේතයද බාගත කර ගත හැකිය. පෙර සදහන් කල පරිදිම python  හි ඇති පහත ආකාරයේ  මූලික ලක්ෂණ හතරක් හදුනා ගත හැක.  
  1. 1. Python is Interpreted:
Python මගින් සාදන වැඩසටහන් compile කිරීමකින් තොරව run කල හැකි අතර, මෙහිදී වැඩසටහන runtime  එකෙදී සැකසීම සිදුවේ. එනම් PERL සහ PHP මෙන් python ද scripting language එකකි. නමුත් ඔබට අවශ්‍ය නම් byte-code එක බවට compile කර මෙය වඩා විශාල වැඩසටහන් නිර්මාණ කරනයේදීද භාවිතා කල හැක.
  1. 2. Python is Interactive:
මෙය interactive mode එක සදහාද සහය දක්වයි. එනම් සම්පූර්ණ code එක නොලියා ඔබට පුඑවන් line එකෙන් line එක code එක run කරන්න. Interactive mode යන්නෙහි සරලම අදහස වන්නේ එයයි. අපි තව ඉදිරියට යන විට ඔබටම අවබෝධ කරගත හැක වෙයි තවදුරටත් මෙහි අර්ථය.
  1. 3. Python is Object-Oriented:
Python යනු object-oriented language එකකි. එනම් ඔබට ඉදිරියේදි  object සහ class  සමග  හරි හරියට වැඩ කිරීමට සිදු වෙයි. මෙහි ඇති සුවිශේෂී කාරණය වන්නේ ඔබට අවශ්‍ය නම් මෙය  OOP මෙන්ම functional and structured programming language එකක් ලෙසද භාවිතා කල හැකි වීමයි.
  1. Python is Beginner’s Language:
වෙන මොනදේ නැතත් ඔබටත් මටත් වඩාත් සුවිශේෂී කාරණය වන්නේ මෙයයි. වෙනත් programming language සමග සසදා බලන විට මෙය programming සදහා ප්‍රවිෂ්ඨ වන්නෙකුට ඉතාමත් පහසුවෙන් ඉගෙන ගත හැකි language එකකි. ඔබට අවශ්‍ය කුමන වැඩසටහනක් වුවද මෙමගින් ඉතා පහසුවෙන් නිර්මාණය කර ගත හැක.  ඔබට python භාවිත කරගනිමින් සරල ගණක යන්ත්‍රයක හෝ සරල notepad එකක සිට වඩා සංකීර්ණ game එකක් දක්වා වුවද වඩා පහසුවෙන් නිර්මාණය කර ගත හැක මීට අමතරව, python මගින් සාදනු ලබන වැඩසටහන් බොහෝ operating system මත run කල හැක. ඕනෑම කෙනෙකුට හිත ඇදී යන ආකාරයේ තවත් බොහෝ විශේෂතා python හි ඇති අතර, සියල්ලටම කලින් python භාගත කර ගන්නා ආකාරය සහ එය install කර path එක සකසා ගන්නා අකාරය විමසා බලමු. Getting Python: Python installations file එක මෙන්ම ඔබට අවශ්‍ය python හා සබැඳි වෙනත්දේ ද python හි නිල වෙබ් අඩවියෙන් භාගත කල හැකි අතර මෙහිදී වඩාත් නවතම සංස්කරණය භාගත කර ගැනිමට සැලිකිලිමත් වන්න. Python  නිල වෙබ් අඩවිය : http://www.python.org/ එසේම අවශ්‍ය කරන python documentation ද ඔබට පහසුවෙන් භාගත කරගත හැක. ඔබට අවශ්‍යය ඕනෑම format (HTML, PDF and PostScript formats) එකකින් මෙහිදී ලබාගත හැකිය. Python documentation  වෙබ් අඩවිය : http://www.python.org/doc/ Install Python: http://www.python.org/download/ යන url එකට ගොස් python හි නවතම සංස්කරණය භාගත කර ගැනීමෙන් අනතුරුව ඔබ භාවිතා කරන OS එක අනුව පහත පරිදි python install කර ගත හැක. Linux Install:
  1. භාගත කර ගත් gzip file එක extract කරන්න.
  1. ඉන්පසු terminal එක හරහා අදාල folder එකට ගොස් ./configure යන command  එක type කර enter කරන්න.
  1. ඉන්පසු make යන command එකද පසුව make install යන command එකද පිළිවෙලට enter කරන්න.
  1. මෙහිදී /usr/local/bin යන folder එකට python install වන අතර, එහි ඇති libraries, /usr/local/lib/python-xx යන folder එකට install වේ. මෙහි xx යනු python හි සංස්කරණය වේ.
Windows install:
  1. ඔබ භාගත කරගත් .msi file එක double click  කිරීම මගින් පහසුවෙන්ම windows වලදී python install කර ගත හැක.
Set the Path:
  1. Linux වලදී path එක set කර ගැනීමට export PATH=”$PATH:/usr/local/bin/python යන command එක terminal එකෙහි type කර enter කරන්න.</span></li> </ol><ol style=”list-style-type: upper-roman;”>
  2. Windows වලදී path %path%;C:\Python යන command එක command prompt එකෙහි ලබාදී enter කරන්න.මෙහිදී C:\Python යන කොටසට ඔබ python, install කල නිවැරදි  path එක ලබාදිය යුතුය.
ඊලග පාඩමෙන් අපි සරල වැඩසටහනක් ලියා එය run කරන ආකරය විමසා බලමු. එතෙක් python, install කර path එක සකසා ගන්න. මීට අමතරව, ඔබද python පිළිබදව කරුණු සොයා බලන්නට උත්සහ කරන්න. {flike}

You may also like

Python 2.7 Introduction & Configuration
Python Basic Syntax & Print Function
Python Basics & IDLE IDE