ERD නොහොත් Entity Relationship Diagrams යනු, අප ගබඩා කරන දත්ත රූප සටහන් මගින් ක්‍රමානුකූලව දැක්වීමේ ආකාරයකි. මේ සඳහා පළමුව අප විසින් නිර්මාණය කිරීමට යන පද්ධතිය (System) පිළිබඳව මනා වැටහීමක් ලබා ගත යුත්තෙමු. වඩාත් නිර්දේශිත ක්‍රමය වන්නේ පද්ධතිය ගොඩනැගීමට ප්‍රථම එය නිර්මාණය කරන අවස්ථාවේ (Design stage) ERD එකක් ඇඳ ගැනීමය. ERD එකක අන්තර්ගත කොටස් මෙසේය…

Entity

Database හි ස්වාධීනව පැවතිය හැකි වස්තුවකි.මෙය පද්ධතියේ output එකක් හෝ user කෙනෙක් විය නොහැක.

Entity types:

Strong – වෙනත් entities මත යැපීමකින් තොරව පැවතීමට හැකියාව ඇත. උදා.- Student, Teacher ERD (Entity Relationship Diagrams) – හැදින්වීම Weak – වෙනත් entity එකක පැවැත්ම මත මෙම වර්ගයේ entities වල පැවැත්ම රඳා පවතී. උදා.-Invoice (Invoice එකක් පැවතිය හැක්කේ භාණ්ඩ ඉල්ලීමක් (order) සිදු වුවහොත්පමණි) ERD (Entity Relationship Diagrams) – හැදින්වීම

Attribute

Database හි සටහන් කර තැබිය යුතු entities වල ගුණාංග හා ලක්ෂණ වේ.

Attribute types:

Simple- තවදුරටත්සරල කොටස් වලට බෙදිය නොහැකි attributes වේ. ERD (Entity Relationship Diagrams) – හැදින්වීම Composite – වඩාත් සරල attributes වලට බෙදා වෙන් කල හැකි attributes වේ. උදා.- Address (number, street, city) ERD (Entity Relationship Diagrams) – හැදින්වීම Multivalued – values නොහොත් අගයයන් කිහිපයක් තිබිය හැකි attributes මේ නම් වේ. ERD (Entity Relationship Diagrams) – හැදින්වීම Derived -මෙම attributes වල අගය ඊට සම්බන්ධ අනෙකුත් attributes හි අගයයන් මගින් නිර්ණය කල හැක. ERD (Entity Relationship Diagrams) – හැදින්වීම Key attribute- entity එකක අවස්ථා තනි තනිව හඳුනාගැනීමට උපකාරී වන attribute එකක් හෝ attributes සමූහයක එකතුවකි. ERD (Entity Relationship Diagrams) – හැදින්වීම

Relationship

Entities දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර සම්බන්දකම් පැවැත්වීමේදී නිර්මාණය වන්නකි. ERD (Entity Relationship Diagrams) – හැදින්වීම ගනුදෙනුකරුවෙක්ඇනවුමක් පැනවීම (customer places an order).

Degree of a relationship:

Relationship එකකට සහභාගී වන entities සංඛ්‍යාව මත මෙය නිර්ණය කෙරේ. Unary – relationship එකකට සම්බන්ධ වන්නේ entity එකක් පමණි. ERD (Entity Relationship Diagrams) – හැදින්වීම Binary – relationship එකකට සම්බන්ධ වන්නේ entities දෙකක් පමණි. Ternary -relationship එකකට entities දෙකකට වඩා සම්බන්ධ වේ. ERD (Entity Relationship Diagrams) – හැදින්වීම  

Cardinality ratio of a relationship:

යම් entity එකක එක අවස්ථාවක් සමග අනෙක් entity එකේ අවස්ථා කීයක් සම්බන්ධ විය යුතුදැයි දක්වයි. Binary relationship එකක පැවතිය හැකි cardinality ratios මෙසේය… 1:1 (one to one) ERD (Entity Relationship Diagrams) – හැදින්වීම Order එකක් සඳහා invoice එකක් පමණක්ද, invoice එකක් සඳහා order එකක් පමණක්ද පවතී. 1:M (one to many) ERD (Entity Relationship Diagrams) – හැදින්වීම Customer කෙනෙකුට orders ඕනෑම ප්‍රමාණයක් කල හැකි අතර order එකක් සම්බන්ධ විය හැක්කේ එක් customer කෙනෙකුට පමණි. M:N (many to many) ERD (Entity Relationship Diagrams) – හැදින්වීම Item එකක් බොහෝ orders වල අන්තර්ගත විය හැකි අතර order එකක බොහෝ items ද තිබිය හැක. Participation constraints on a relationship: ERD (Entity Relationship Diagrams) – හැදින්වීම
  1. Total participation
  2. Partial participation
Relationship එකක පැවැත්ම සඳහා entity එකක සහභාගිත්වය අත්‍යවශ්‍ය වේද, එම entity එක relationship හි total participation දක්වන්නේයි කියමු. උදා.-Order එකක් customer කෙනෙකුට සම්බන්ධ විය යුතුමය. එහෙයින් order නම් වූ entity එක එම relationship එකෙහි පුර්ණ (total) සහභාගිත්වයක් දක්වයි. Relationship එකක පැවැත්ම සඳහා entity එකක සහභාගිත්වය අත්‍යවශ්‍ය නොවන්නේනම් එම entity එක මෙම වර්ගයට අයත් වේ. උදා.- කිසිදු ඇනවුමක් (order) සිදු නොකළ customer කෙනෙක් සිටිය හැක. එහෙයින් relationship එකේ customer ගේ සහභාගිත්වය partial වේ. Attributes on a relationship: Relationship එකක් නිර්මාණය වීමේදී සටහන් කර තැබිය යුතු attributes මෙම වර්ගයට අයත්ය. ERD (Entity Relationship Diagrams) – හැදින්වීම   පහත සඳහන් සරල උදාහරණය සලකා බලමු. ABC stores යනු එදිනෙදා භාවිතා වන භාණ්ඩ විකිනෙන අලෙවි සලකි. එහි සෑම item එකක් සඳහාම itemCode, name, description, category, unit, unitPrice, qtyOnHand සහ reOrderLevel දක්වා ඇත. සෑම category එකක් සඳහාම categoryCode හා name දක්වා ඇති අතර, එක category යක් යටතේ items කිහිපයක් ඇතුලත් විය හැක. එහෙත් එක item එකක් අයත් විය හැක්කේ category එකකට පමණි. Customer ලාට items විකිණීම orderඑකක් හරහාම පමණක් සිදු වේ.සෑම customer කෙනෙක් සඳහාම customerID, customerName, address හා telසටහන් විය යුතුය. Order එකක itemඑකක්වත් අන්තර්ගත වන අතර සෑම order එකකටම අදාළ orderNo එකක්ද, ඇනවුම් කල customerID එකක්ද, ඇනවුම් කල date හා amount එකක්ද පවත්නේය. Order එකක් සපුරාලන අවස්ථාවේදී invoice එකක් දිය යුතු අතර එහි invoiceNo, orderNo හා deliveryDate ඇතුලත් විය යුතුය. පළමුව අප කල යුත්තේ entities හා ඊට අදාළ attributes හඳුනාගැනීමය…
Entities Attributes
Customer customerID, customerName, address, tel
Category categoryCode, name
Item itemCode, name, description, unit, unitPrice, qtyOnHand, reOrderLevel
Order orderNo, date, amount(derived)
Invoice (weak) invoiceNo, deliveryDate
මීට අදාළ ERD එක මෙසේය… ERD (Entity Relationship Diagrams) – හැදින්වීම   {flike}

You may also like